Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රජයේ නිල නිවසින් දැන්ම යන්න බෑ.. තවත් කාලයක් ඉන්නවා - රෝසි

  කොළඹ මහ නගර සභාවේ හිටපු නගරාධිපතිනි රෝසි සේනානායක තවදුරටත් නගරාධිපති නිල නිවසේ රැඳී සිටින බවත් නිවසින් ඉවත් වීම සඳහා තවත් මාස දෙකක කාලයක් ...

 


කොළඹ මහ නගර සභාවේ හිටපු නගරාධිපතිනි රෝසි සේනානායක තවදුරටත් නගරාධිපති නිල නිවසේ රැඳී සිටින බවත් නිවසින් ඉවත් වීම සඳහා තවත් මාස දෙකක කාලයක් ඉල්ලා ඇති බවද වාර්තා වේ.

මහ නගර සභාවේ නිල කාලය අවසන් වීමෙන් පසුව නගරාධිපති භාවිතා කළ සිය නිල නිවස බාරදීම සඳහා මාසයක කාලයක් මින් පෙර ඉල්ලා තිබුණේය.

එම කාලය තවත් මාස දෙකකින් දීර්ඝ කර දෙන ලෙස බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගෙන් රෝසි සේනානායක ඉල්ලා ඇති බවත් අනතුරුව ආණ්ඩුකාරවරයාගේ අනුමැතිය ඊට හිමිව ඇති බවද වාර්තා වේ.

කොළඹ නාගරික කොමසාරිස්වරිය විසින් ලිපියකින් දැනුම්දී ඇත්තේ මාර්තු මස 20දා සිට නිල නිවසින් ඉවත් වන දිනය දක්වා ජල, විදුලි, දුරකථන හා වෙනත් පහසුකම් වලට බිල්පත් හිටපු නගරාධිපති විසින් පුද්ගලිකව ගෙවිය යුතු බවයි.

No comments

Ads Place