Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දරුවන් එපානම් කවුළු‌වෙන් තියන්න

දෙමාපියන් විසින් අතහැර දමා යන දරුවන්ගෙන් තුනෙන් එකක්ම වයස අවුරුදු හතරට අඩු බිලිඳු දරුවන් බවත්, ඉතිරිය අවුරුදු 4ත් 18ත් අතර වයසේ පසුවන දරුවන්...



දෙමාපියන් විසින් අතහැර දමා යන දරුවන්ගෙන් තුනෙන් එකක්ම වයස අවුරුදු හතරට අඩු බිලිඳු දරුවන් බවත්, ඉතිරිය අවුරුදු 4ත් 18ත් අතර වයසේ පසුවන දරුවන් බවත් අනාවණය වී තිබේ.

යම් හේතුන් මත තමන්ට අනවශ්‍ය හෝ හදාවඩා ගැනීමට නොහැකි වයස මාස තුනට අඩු බිළිඳු දරුවන්ගේ දෙමාපියන්ට සිය අනන්‍යතාවය හෙළි නොකර රහසිගතව හා සුරක්ෂිතව තම දරුවන් තබා යාම සඳහා රජයේ රෝහල් හා පළාත් පරිවාස දෙපාර්තමේන්තු යටතේ අධීක්ෂණය වන ළමා රැකවරණ මධ්‍යස්ථාන 379ක කවුලු ස්ථාපනය කිරීමට ද රජය තීරණය කර තිබේ.

‘‘ඕනෑම ස්ථානයක අතහැර දමා යන හෝ දෙපාර්තමේන්තුව වෙත භාර දෙන දරුවන්ට පළාත් පරිවාස දෙපාර්තමේන්තුව මගින් අවශ්‍ය රැකවරණය සලසනු ලබනවා. රෝහල් තුළ අතහැර දමායන බිලිඳු දරුවන් සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් චක්‍රලේඛයක් නිකුත් කර රෝහල් අධ්‍යක්ෂවරුන්ට නීත්‍යනුකූල බලතල ලබාදී තිබෙනවා. මෙලෙස අතහැර දමා යන දරුවන් හදා වඩා ගැනීමට ලබාදීමේ දී පවතින නීති ඉදිරියේ දී ලිහිල් කරනවා.’’ යැයි කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය ඇමැතිනි ගීතා කුමාරසිංහ සඳහන් කළාය.

No comments

Ads Place