Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මහින්දගේ ආණ්ඩුවට එකතු වෙලා ත්‍රස්තවාදය ඉවර කරන පුණ්‍යකර්මයට අපි අතගැහුවා! ඒ වගේම දැන් ජනාධිපති ජාතික ආණ්ඩුවට එන්න කිව්වොත් අපි යන්න ඕන - රාජිත

  සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අද දින සිය නිවසේදී මාධ්‍ය හමුවක් පවත්වමින් තමන් ඇමැතිකමක් ගෙන ආණ්ඩුවට එක්වීම සම්...

 


සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අද දින සිය නිවසේදී මාධ්‍ය හමුවක් පවත්වමින් තමන් ඇමැතිකමක් ගෙන ආණ්ඩුවට එක්වීම සම්බන්ධයෙන් නැවත වතාවක් අදහස් පළ කර සිටියේය.

එහිදී ඒ මහතා කියා සිටියේ ජනාධිපතිවරයා ජාතික ආණ්ඩුවකට ආරාධනා කළහොත් රට ගොඩනැගීම සදහා ආණ්ඩුවට එක්විය යුතු බවකි.

තමන් දේශපාලනයට පැමිණ සිටින්නේ ජනතාව වෙනුවෙන් මිස දේශපාලන පක්ෂ වෙනුවෙන් නොවන බවද ඒ මහතා කියා සිටියේය.

එමෙන්ම තමන්ට සෞඛ්‍ය අමාත්‍ය ධූරය ලබා දෙන්නේ නම් තමන් එය හොදින් කිරීමට සූදානම් බවද සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.

තවදුරටත් මෙහිදී අදහස් දැක්වූ සේනාරත්න මහතා කියා සිටියේ එක්තරා පුවත්පතක් තමන් කරන ප්‍රකාශ විකෘති කොට පළකරන බවකි.

No comments

Ads Place