Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රටේ 85%ක් ණයවෙලා! 68%ක් කන එක අඩු කරලා! 40%ක් සෞඛ්‍ය අධ්‍යාපන වියදම් කපා හැරලා!

  2022 වර්ෂය අවසානය වනවිට මෙරට ජනගහනයෙන් 68%ක් පමණ ආහාර ගන්නා ප්‍රමාණය අඩුකිරීම, ආහාර වේල් ගණන අඩුකිරිම, අඩු රුචිකත්වයක් දක්වන ආහාර මත යැපීම...

 

2022 වර්ෂය අවසානය වනවිට මෙරට ජනගහනයෙන් 68%ක් පමණ ආහාර ගන්නා ප්‍රමාණය අඩුකිරීම, ආහාර වේල් ගණන අඩුකිරිම, අඩු රුචිකත්වයක් දක්වන ආහාර මත යැපීම වැනි විකල්ප ආහාර උපායමාර්ග වෙත යොමුවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කරයි.

ලෝක ආහාර වැඩසටහනේ දුරස්ථ, ගෘහස්ථ, ආහාර සුරක්ෂිතතා, සමීක්ෂණ දත්ත පදනම් කරගෙන මහබැංකුව සඳහන් කරන්නේ ජනගහණයෙන් 85%ක් මුදල් ණයට ගැනිම, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සදහා වූ වියදම් අඩුකිරීම, ඉතුරුම් වියදම් කිරීම හා ගෙවීමට ඇති ණය මුදල් කල්දැමිමීමට යොමුවී ඇති බවය.

ඛේදවාචකය වන්නේ රටේ 40ක් පමණ අධ්‍යාපනය හා සෞඛ්‍ය සදහා වූ වියදම් කපාහැර ඇති බව මහ බැංකු වාර්තාව අනාවරණ කිරීමය.

තවද සේවා නියුක්තියෙන් වැඩි කොටසක් අවිධිමත් අංශයේ රැකියාවල නිරතව සිටින බවද මෙම සමීක්ෂණ වාර්තාව මගින් පෙන්වා දී ඇත.

ජගහණයෙන් 14.3%ක් දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත්වීම තුළ ආර්ථික අර්බුදයේ පීඩනය වඩාත් උග්‍රවිය හැකි බවත්, එය ජනතාවගෙන් විශාල පිරිසක් දරිද්‍රතාවට ඇද දැමීමට හේතුවිය හැකි බවත් මහබැංකු වාර්තාවේ සදහන් වේ.

No comments

Ads Place