Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

භාණ්ඩාගාර අනුමැතියත් නැතිව නීතියටත් කොකා පෙන්වා ඖෂධ සංස්ථාවේ සේවකයන්ට කෝටි 15ක බෝනස් ගෙවලා!

  ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව 2021 වර්ෂයේදී එහි සේවකයන් සඳහා නීතියට පිටින් රුපියල් කෝටි 15 කට වැඩි වටිනා ප්‍රසාද දීමනා( බෝනස් ) සහ ...



 ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව 2021 වර්ෂයේදී එහි සේවකයන් සඳහා නීතියට පිටින් රුපියල් කෝටි 15 කට වැඩි වටිනා ප්‍රසාද දීමනා( බෝනස් ) සහ  කාර්ය සාධන දිරි දීමනා ඇතුළු විවිධ දීමනා  ගෙවා  ඇතැයි නිරීක්ෂණය වන බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.

සංස්ථාවේ එක් සේවකයකුට රුපියල් 13,500 බැගින් රුපියල් එක්කෝටි විසිපන් ලක්ෂයකට ආසන්න ප්‍රසාද දීමනා 2021 වර්ෂයේදී නීතියට පිටින්   ගෙවා තිබූ බවද එම වාර්තාවේ දැක්වේ.

සාමූහික ගිවිසුමක් සහිත සංස්ථාවකට රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛ(  PED/3/2018) සහ  (PED/ 03/ 2021) අදාල කර ගත නොහැකි වන නමුත් ඒ  චක්‍රලේඛ විධිවිධානවලට අනුව යමින් එම ප්‍රසාද දීමනා ගෙවා ඇති  බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මේ අතර  සේවකයකුට  මාසික වේතනය  බැගින් සියලු සේවකයන්ට  කාර්ය සාධන දිරිදීමනා ලෙස රුපියල් කෝටියකට වැඩි මුදලක්  2021 වර්ෂයේදී භාණ්ඩාගාර අනුමැතියකින් තොරව  ගෙවා ඇතැයි පවසන විගණන වාර්තාව  සේවකයන්ගේ ඉතිරි වාර්ෂික නිවාඩු වෙනුවෙන්ද  එම වර්ෂයේදී  රුපියල් හත් කෝටියකට වැඩි මුදලක් ගෙවා  ඇතැයි සඳහන් කළේය.

මේ තොරතුරු සඳහන් වන්නේ පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කෙරුණු ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 2021 කාර්ය සාධන වාර්තාවේය.

No comments

Ads Place