Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විදෙස්ගත වූ සරසවි ඇදුරෝ 122ක් කෝටි 24ක මුදලක් ගෙවීම පැහැර හැරලා

  පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් 122ක් එම විශ්ව විද්‍යාලයට රුපියල් කෝටි 24ක පමණ මුදලක් ( 2022 දෙසැම්බර් 31 වනවිට) ගෙවීම පැහැර හැර ඇතැ...

 


පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් 122ක් එම විශ්ව විද්‍යාලයට රුපියල් කෝටි 24ක පමණ මුදලක් ( 2022 දෙසැම්බර් 31 වනවිට) ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

අධ්‍යයන කටයුතු සඳහා විදේශ ගතවීමේදී එළැඹි ගිවිසුම් කඩකිරීම හේතුවෙන් ඔවුන්ගෙන් මෙම මුදල අයවිය යුතු බවද එම වාර්තාවේ දැක්වේ.

අධ්‍යන කටයුතු සඳහා විදේශ ගතවීමේදී එළැඹි ගිවිසුම් කඩ කිරීමේ තත්වය ඉදිරියේදී වැළැක්වෙන ආකාරයෙන් කටයුතු කළ යුතු බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) එම විශ්වවිද්‍යාල බලධාරීන්ට පසුගියදා නිර්දේශ කළේය.

මේ තත්වය මේ දක්වාම නිවැරදිවී නැතැයිද විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

No comments

Ads Place