Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මහ බැංකුවේ පාලනය රජයට අහිමිවෙයි.. සියලුම පාලනය IMF යටතට.!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වාරික 04කට, ඩොලර් බිලියන තුනකටත් අඩු ණය මුදලක් ලබා දෙන්නේ වත්මන් ආණ්ඩුව බරපතළ කොන්දේසි ගණනාවකට යටත් කර ඇති බව...



ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වාරික 04කට, ඩොලර් බිලියන තුනකටත් අඩු ණය මුදලක් ලබා දෙන්නේ වත්මන් ආණ්ඩුව බරපතළ කොන්දේසි ගණනාවකට යටත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සදහන් කරයි.

එවැනි කොන්දේසියක් අනුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නව මහ බැංකු පනත් කෙටුම්පත සම්මත වුවහොත් කවුරු ආණ්ඩු කළත් “මහ බැංකුවේ පාලනය” රජයෙන් ගිලිහී ගොස්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතට පත්වන බව විමල් වීරවංශ සදහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ තවදුරටත් සදහන් කළේ,

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් කොටස් හතරකට, ඩොලර් බිලියන තුනකට අඩු ණය ප්‍රමාණය ලැබෙන බව දැනිලා ජනාධිපතිවරයා අමන්දානන්දයට පත්ව සිටිනවා. ඒ ණය මුදලින් මේ රටේ අස්ථාවරව ඇති ආර්ථිකය ගොඩගැනීමට හැකි වේ යැයි අප නම් විශ්වාස කරන්නේ නැහැ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ ණය මුදල ලබා දෙන්නේ ආණ්ඩුව බරපතළ කොන්දේසි ගණනාවකට යටත් කරලා. මහ බැංකුව සම්පූර්ණයෙන්ම ස්වාධීන කරනවා කියන්නේ කවුරු ආණ්ඩු කළත් රජයට මහබැංකුවේ පාලනය අහිමි වීම. අවසානයේදී මහ බැංකුවේ පාලනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතට යාම.”

No comments

Ads Place