Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

IMF එකෙන් අපි ණය ගන්නවනම් අපි උන්ට කොන්දේසි දාලයි ණය ගන්නෙ..අපේ කොන්දේසි වලට ණය දෙනවනම් දීපන් කියනව - JVP සමන්ත.

‍ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය ගන්නේ නම් ගත යුත්තේ එම අරමුදල විසින් පනවන කොන්දේසි වලට එකගව නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්ත...

‍ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය ගන්නේ නම් ගත යුත්තේ එම අරමුදල විසින් පනවන කොන්දේසි වලට එකගව නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරයි.

ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ නම් තම ආණ්ඩුව විසින් පනවන කොන්දේසිවලට ණය දෙනවා නම් දීපන් කියා මූල්‍ය අරමුදල දැනුම්දෙන බවද හෙතෙම පැවසීය.

මුල්‍ය අරමුදල විසින් රටට අහිතකර කොන්දෙසි පනවන්නේ නම් ඊට එකඟ නැති බවත් පවසන ඔහු එම තත්වයන් යටතේ ණය දිය හැකි නම් ලබා දෙන ලෙසත් නැතිනම් එපා කියන බවත් ඔහු සඳහන් කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන කියන විදියට තම දරුවන්ගේ අනාගතය දණ ගැස්වීමට සූදානම් නැති බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද ජන හමුවක් අමතමින් ඒ මහතා මේ අදහස් පල කරන ලදී.

මෙරට ඩොලර් හිගතාවයට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ පාලකයන්ගේ මිත්‍රයන් වන ප්‍රකෝටිපති ව්‍යාපාරිකයන් තමන්ගේ ඩොලර් විදේශ රට වල සඟවා ගැනීම බව ද ඔහු පෙන්වා දෙයි.

එම ධනස්කන්ධයෙන් යම් ප්‍රමාණයක් හෝ මෙරටට ගෙන්වා ගත් පසුව මෙරට ඩොලර් හිගය යම් ප්‍රමාණයකට හෝ සමනය වනු ඇති බවත් ඔහු තවදුරටත් එහිදී කියා සිටියේය.

No comments

Ads Place