Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පාස්කු බෝම්බ ගහලා ඉන්දියාවට පැන්නා කියපු සාරා ජස්මින් මැරිලලු! DNA පරීක්ෂණයෙන් 99.9999%ක්

  පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයෙන් පසු මහත් ආන්දෝලනයට තුඩුදී සිටින පුලස්තිනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජස්මින් නමැත්තිය සයින්දමරුදු ප්‍රදේශයේ නි...

 


පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයෙන් පසු මහත් ආන්දෝලනයට තුඩුදී සිටින පුලස්තිනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජස්මින් නමැත්තිය සයින්දමරුදු ප්‍රදේශයේ නිවෙසක සිදු වූ බෝම්බ පිපුරුමෙන් මියගොස් ඇති බව තුන්වැනි ඩීඑන්ඒ පරීක්ෂණයෙන් තහවුරු වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ඊයේ (29) සවස නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

ඒ මාධ්‍ය නිවේදනය මෙසේය:

“2019 අප්‍රේල් 26 වන දින සයින්දමුරුදු ප්‍රදේශයේ ආරක්ෂිත නිවෙසක් තුළ රැඳී සිටියදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරවා හැරීම හේතුවෙන් මිය ගිය තැනැත්තන් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් සිදු කරන විමර්ශනවලදී එම මරණකරුවන් හඳුනාගැනීම සඳහා අධිකරණ නියෝග මත විශේෂඥ අධිකරණ සහ රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂඥයන්ගේ සහභාගිත්වයෙන් තුන්වන වරට ලබාගන්නා ලද සියුම් සාම්පල් සම්බන්ධව සිදු කරන ලද ඩීඑන්ඒ පරීක්ෂාවේදී එම මියගිය තැනැත්තන් අතර පුලස්තිනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජස්මින් යන අයද සිටින බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන ලද වාර්තා මඟින් තහවුරු වී ඇත.

“පුලස්තිනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජස්මින් යන අයගේ මවගෙන් ලබාගන්නා ලද ඩීඑන්ඒ සාම්පල සමඟ අපරාධ ස්ථානයෙන් සොයාගන්නා ලද අස්ථි කොටස් කොටස් කිහිපයක ඩීඑන්ඒ සාම්පල්, මවගේ සහ දරුවන් අතර පවතින ජීව විද්‍යාත්මක සම්බන්ධතාව තහවුරු වන ප්‍රතිඵලයක් බවත්, ඒ අනුව එම අස්ථි සාම්පල් හිමි අයගේ ජීව විද්‍යාත්මක මව රාජරත්නම් කවිදා වීමට ඇති සම්භාවිතාව සියයට 99.9999ක් බව තහවුරු වී ඇති බවත්, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කර ඇත. මේ වාර්තාව අනුව 2019 අප්‍රේල් 26 දින සයින්දමරුදු ප්‍රදේශයේ ආරක්ෂිත නිවෙසක් තුළ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පුලස්තිනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජස්මින් යන අය මිය ගොස් ඇති බව තහවුරු වී තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් ගරු අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමට නියමිතව ඇත.”

No comments

Ads Place