Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හරක් කටා ඇතුලු පාතාලයන් රොත්තට ඩුබායි සිට මැඩගස්කර් යන්න ප්‍රයිවට් ජෙට් එක යවලා තියෙන්නේ නුවර ‌ඉන්න කෝටිපතියෙක්!

දැනටමත් මැඩගස්කරයේ නීතිඥ සමාගමක් හරක් කටා ඇතුළු පිරිස නිදහස්කර ගැනීමට මෙහෙයුමක් දියත්කර ඇති බව ද මෙරට බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී තිබේ. ඒ සඳ...

දැනටමත් මැඩගස්කරයේ නීතිඥ සමාගමක් හරක් කටා ඇතුළු පිරිස නිදහස්කර ගැනීමට මෙහෙයුමක් දියත්කර ඇති බව ද මෙරට බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී තිබේ.

ඒ සඳහා මුදල් වැය කරනු ලබන්නේ යැයි කියැවෙන්නේ හරක් කටා ඇතුළු පිරිසට ඩුබායි සිට මැඩගස්කරයට ගමන් කිරීමට පුද්ගලික ජෙට් යානයක් වෙන්කර දුන්නේ යැයි කියන පුද්ගලයාය.

එම පුද්ගලයා හරක් කටාගේ මෙරට මත්කුඩු ජාලයේ මුදල් උණ්ඩියල් කරන පුද්ගලයා බවත් මේ වන විට ඔහු ඩුබායි හී රැඳී සිටින බවත් බුද්ධි අංශ වෙත ලැබී ඇති තොරතුරුවල සඳහන්ය.

මේ පුද්ගලයා මහනුවර පදිංචිකරුවෙක් වන අතර මෑත කාලයේ ඔහු කඩුවෙල වැලිවිට පදිංචිව සිට ඇති බවට තොරතුරු ද හෙළිවෙමින් තිබේ.

ඩුබායි හිදී මෙයට පෙර අත්අඩංගුවට පත්වූ හරක් කටා මැඩගස්කරය වෙත පුද්ගලික ජෙට් යානයකින් පැමිණ ඇත්තේද කිසිවකුගේ සැකයට ලක් නොවන්නටය.

මලයාසියාවට යාමට සූදානම්ව ඩුබායි ගුවන්තොටුපොළට පසුගිය වසරේ පැමිණි හරක් කටාව ගුවන්තොටු පොළේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු ඩුබායිවලින් පිටතට ගිය පළමු අවස්ථාවේදීම මැඩගස්කරයේ දී ඔහු හසුවී තිබෙන බව ද බුද්ධි අංශ සඳහන් කළේය.

No comments

Ads Place