හෝමාගම, මාඹුල්ගොඩ, රණසිංහ මාවතේ පෞද්ගලික බස් රථ ගාලකට යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු ටී 56 ගිනි අවියකින් එහි සිටි පුද්ගලයින් හත් දෙනෙකු ඉ...
හෝමාගම, මාඹුල්ගොඩ, රණසිංහ මාවතේ පෞද්ගලික බස් රථ ගාලකට යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු ටී 56 ගිනි අවියකින් එහි සිටි පුද්ගලයින් හත් දෙනෙකු ඉලක්ක කර ගෙන වෙඩි තැබීමක් සිදු කර පළා ගොස් ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.
වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති අතර බස් රථයකට සහ ත්‍රිරෝද රථයට හානි සිදු වී තිබේ.
ඊයේ (මාර්තු 25) දෛනික සේවාව නිමවා බස් ගාලේ පුද්ගලයින් හත් දෙනකු පමණ සිට ඇති අතර ඉන් සිවු දෙනෙකු එක් බස් රථයක ත් තවත් තිදෙනෙකු ත්‍රිරෝද රථයක ත් රැඳී සිට ඇති බව පැවසේ.
එම අවස්ථාවේදී පුද්ගලයන් දෙදෙනකු යතුරුපැදියකින් රථ ගාල පිහිටි භූමියට මැදට පැමිණ ටී 56 ගිනි අවියකින් බස් රථය දෙසට සහ ත්‍රීරෝද රථය දෙසට වෙඩි තබා ඇත. ඉන් එක් පුද්ගලයෙකු වැසි ආවරණයක් සහිත හිස් වැසුමක් පැළඳ සිට ඇත.
එම අවස්ථාවේදී බස් රථයේ රැඳී සිටි පුද්ගලයෙකු ඉදිරියට පැමිණ වෙඩි තැබූ පුද්ගලයා කවුරුන්දැයි විමසීමේදී ඔහු පළා ගොස් ඇති බව ත් එහිදී වෙඩික්කරු හදුනාගැනීමට ඔහුට හැකියාව ලැබී ඇති බව ත් පොලිසිය කියයි.
ඒ අනුව, සිද්ධිය වූ ස්ථානයට හෝමාගම මූලස්ථාන පොලිසියේ නිලධාරින් පැමිණ පරීක්ෂා කිරීමේදී එහි තිබී ටී 56 උණ්ඩ හතරක් සොයා ගැනීමට හැකිව ඇත.
මෙම වෙඩි තැබීම සිදු කර ඇත්තේ, මනුෂ්‍ය ඝාතන හා මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් පොලිසිය මගහැර දැනට ඉන්දියාවට පළා ගොස් ඇතැයි සැක කෙරෙන ‘අතුරුගිරියේ ලඩියා’ නමැත්තාගේ සමීපතමයෙකු වන ‘අතුරුගිරියේ ජෙරම්’ නමැත්තා බවට පොලිසිය හදුනා ගෙන තිබේ.
අදාළ පුද්ගලයා තලංගම පොලිස් වසමේ සිදු කළ මනුෂ්‍ය ඝාතනයක් ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටින්නෙකු බව ත් ඔහුට එරෙහිව අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර ඇති බව ත් පොලිසිය කියයි.
‘අතුරුගිරියේ ජෙරම්’ නමැත්තාගේ සමීපතමයෙකු මීට දින තුනකට පෙර අයිස් මත්ද්‍රව්‍ය සමග මත්තේගොඩ පොලිසියෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර එම ඔත්තුව මෙම බස් රථ හිමිකරු ලබා දුන් බවට වූ සැකය මත මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවට පොලිසිය සැක කරයි.
සිද්ධිය වූ ස්ථානයට නුගේගොඩ අපරාධ ස්ථාන පරීක්ෂණ ආයතන නිලධාරීන් හා නුගේගොඩ අපරාධ කොට්ඨාශයේ නිළධාරීන් ද පැමිණ පරීක්ෂණ ආරම්භ කළේ ය.
සිද්ධියට සම්බන්ධ කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර ඔහු සොයා අංශ කිහිපයක් ඔස්සේ පොලිසිය විමර්ශන පවත්වයි.
No comments