Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විදුලි බිල අඩු කරනවා.. එම මාසය මෙන්න.!

  රටේ අලුත් විදුලිය ජනන සැලසුමට විපක්ෂයේ සියලු දෙනා සහය දුනහොත් එළඹෙන ජූලි මාසයේදී විදුලිය ගාස්තු අඩු කිරිමට හැකි බව විදුලිබල හා බලශක්ති අමා...

 


රටේ අලුත් විදුලිය ජනන සැලසුමට විපක්ෂයේ සියලු දෙනා සහය දුනහොත් එළඹෙන ජූලි මාසයේදී විදුලිය ගාස්තු අඩු කිරිමට හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සදහන් කරයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විදුලිය මිල සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පාර්ලිමේන්තුවේදී අද (08) මේ බව සදහන් කරයි.

අමාත්‍ය කංචන විජේසේකර තවදුරටත් සදහන් කළේ,

“විපක්ෂ නායකවරයා වැරදි ප්‍රශ්නයක් මතු කළේ. මහජන උපයෝගීතා කොමිසම කොමිසමේ දැඩි විරෝධය මත ආණ්ඩුව තීරණයක් ගත්තා කිව්වා. බහුතර සාමාජිකයන්ගේ කැමැත්තෙන් තමයි අනුමැතිය ලැබුණේ. එක සාමාජිකයකුගේ විරෝධය මුළු කොමිසමේම විරෝධය  ලෙස හුවා දැක්වීම වැරදියි. කොමිසමේ සාමාජිකයන් පස් දෙනෙකු ඉන්නවා.

එක පුද්ගලයකු  මහජන උපයෝගීතා කොමිෂන් සභාව  නොවෙයි. ගාස්තු වැඩි කළේ විදුලි බල මණ්ඩලයේ පාඩු පියවා ගන්න නෙවෙයි. ජනන සැලැස්ම නිවැරදි ආකාරයට ක්‍රියාත්මක කිරීමටයි. මණ්ඩලයේ දූෂණ වංචා අවම කිරීමට අපි යෝජනා ඉදිරිපත් කරනවා. නමුත් ඒවට විරුද්ධව සමහරු වැඩ කරනවා.

සමහර වෘත්තිය සමිති පාලනාධිකාරිය ආණ්ඩුව බිත්තියට හේත්තු කරල වැඩ කරනවා. අපි අද අඛණ්ඩව විදුලිය සපයනවා. විදුලිය කප්පාදුව නැවැත්තුවා. අපේ ජනන සැලසුම  වෙනස් වෙන්න ඕන. මේ ගාස්තු අය කිරීම නිසා අඛණ්ඩව විදුලිය දෙන්න පුළුවන් වුණා.මේ ජනන සැලසුම ක්‍රියාත්මක වීමේදී  දෙසැම්බර් වෙද්දී විදුලිය බිල අඩු කරන්න පුළුවන් වේවි.  ජුලි මාසයේදී අඩු කරන්න පුළුවන් නම් කරනවා.”

No comments

Ads Place