Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අදත් රුපියල නගියි..

  අද දිනයේදී මෙරට වාණිජ බැංකු කිහිපයක් සිය විදේශ විනිමය අනුපාත අගයන් පිළිබඳව සටහන් කර තිබෙනවා. ඒ අනුව ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේදී අමෙරිකාන...

 



අද දිනයේදී මෙරට වාණිජ බැංකු කිහිපයක් සිය විදේශ විනිමය අනුපාත අගයන් පිළිබඳව සටහන් කර තිබෙනවා. ඒ අනුව ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේදී අමෙරිකානු ඩොලරයේ අගය සිඝ්‍රයෙන් පහත බැස තිබෙනවා.

කොමර්ෂල් බැංකුවේ අද දිනයේදී විදේශ විනිමය අනුපාත අගයන් අනුව අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රු.310ක් ලෙස සටහන්ව තිබෙන අතර එහි විකිණුම් අගය රුපියල් 328ක් ලෙස සඳහන්ව ඇත.

හැටන් නැෂනල් බැංකුවේ අද දිනයේදී අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රු. 308ක් ලෙස සඳහන් වන අතර එහි විකිණුම් මිල රු. 323ක් වේ. සෙලාන් බැංකුවේ අද දිනයේදී ගැනුම් මිල රු.305ක් වන අතර විකිණුම් මිල ලෙස සටහන් වන්නේ රු. 335ක් ලෙසයි. සම්පත් බැංකුවේ ඩොලරයේ ගැනුම් මිල රු. 308ක් ලෙසත් විකිණුම් මිල රු. 323ක් ලෙස දක්වා ඇත.

මහජන බැංකුවේ අද දිනයේදී අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රු.300.29ක් වන අතර විකිණුම් මිල ලෙස සටහන් වන්නේ රු. 326.29ක් ලෙසයි. ලංකා බැංකුවේ ඩොලරයේ ගැනුම් මිල 305ක් ලෙසත් විකිණුම් මිල රු. 325ක් ලෙස දක්වා ඇත.

No comments

Ads Place