Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පළාත් පාලන මැතිවරණය නෑ.. තියන්නේ ජනාධිපතිවරණයයි.!

  පළාත් පාලන මැතිවරණය 2024 තෙක් කල් දැම්මට සිදුවන බව ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කර ඇති පසුබිමක පුංච් ජන්දය ඉල්ලා උ...

 


පළාත් පාලන මැතිවරණය 2024 තෙක් කල් දැම්මට සිදුවන බව ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කර ඇති පසුබිමක පුංච් ජන්දය ඉල්ලා උද්ඝෝෂණ පැවැත්වීම ගගට ඉනි කපනවා වැනි ක්‍රියාවක් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අභයවර්ධන සදහන් කරයි.

එම පුංචි ජන්දය ඉල්ලා උද්ඝෝෂණ කිරිමට කොළඹට වැටලිමට පැමිනෙන පිරිසට තමාට පැවසීමට ඇත්තේ සබන් සහ ෂැම්පු අනිවාර්යයෙන්ම රැගෙන පැමිනිම වඩා සුදුසු බවත් නෑම සදහා ජලය පොලිසිය විසින් සුදානම් කර තිබෙන බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.

ජනාධිපති රනිල් ව්ක්‍රමසිංහ රට බංකොලොත් බාවයෙන් මුදවා ගෙන සංවර්ධනයේ නව මං පෙතක් කරා ‍රට ගෙනයමින් ඇති මොහොතක විපක්ශයේ පිරිසක් ජන්දයක් පවත්වන ලෙස ඉල්ලා ජනාධිපතිතුමාගේ කකුලෙන් ඇදිම තක්කඩි ක්‍රියාවක් බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.

සැබැවින්ම රනිල් වික‍්‍රමසිංහ ජනාධිපති තුමා ජනාධිපතිවරයණයකට තරග කරනුයේ 2024 සැප්තැම්බර් මස පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදි ජාතික අපේක්ෂකයා ලෙස රටට හිතැති බලවේග වල සහාය ලබාගනිමින් බවද මන්ත්‍රීවරයා සදහන් කරයි. 

ගාල්ල හෝටලයකදී පැවති ගාල්ල ආසනයේ එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩලය අමතමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කරයි.

No comments

Ads Place