Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සජබ අපේක්ෂකයා රජයේ නිලධාරිනිය අමානුෂික ලෙස මහ පාරේ කෑලි කපා මරා දමයි.!

  කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදක සහකාරවරියක් වන දීපශිකා ලක්රුවනි විජේදාසව මිලෙච්ඡ ලෙස ඝාතනය කළ අයුරු ඇසින් දුටු අගේ නැන්දනිය වන ඩී.ජී.දයාවතී පොලි...

 


කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදක සහකාරවරියක් වන දීපශිකා ලක්රුවනි විජේදාසව මිලෙච්ඡ ලෙස ඝාතනය කළ අයුරු ඇසින් දුටු අගේ නැන්දනිය වන ඩී.ජී.දයාවතී පොලිස් නිලධාරීන් ඉදිරියේ එම ඝාතනය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කර ඇත.

“දුවයි මායි බස් එක ගන්න පාරට යනකොට බෝක්කුව උඩ ඩැනී බේබි ඉදගෙන හිටියා එයා අපිව දැකලා අපේ ඉස්සරහට ආවා. එයා ලගටම ඇවිල්ල එකපාරටම ඉනේ තිබ්බ පිහියක් අරගෙන දුවගෙ බෙල්ලට ඇන්නා පස්සේ පස්සේ මුහුණටයි හැම තැනටම අනින්න ගත්තා.

මම ඒක නවත්වන්න හදනකොට මටත් අනින්න හැදුවා.දුව ලේ පෙරාගෙන බිම වැටුනා ඩැනී බේබි බිම වැටිලා හිටපු දුවගේ බෙල්ල ඔලුව එහාට මෙහාට තල්ලු කර කර කැපුවා. පස්සේ එයා මට අනින්න යනකොට මම දුවලා බේරුණා.”

රෝහලේ සේවයේ නිරත සිය මිතුරකුට රජයෙන් නොමිලයේ දෙන පොහොර ලබා ගැනීමට අවශ්‍ය ලිපියක් ලබා නොදුන්නේ යැයි මැයගේ ගෙලට පිහියකින් ඇන මෙසේ මරාදමා ඇති බවද සදහන් කරයි.

කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදක සහකාරවරිය අමානුෂික ලෙස ඝාතනය කර ඇත්තේ තංගල්ල ප්‍රාදේශීය සභාවේ සජබ අපේක්ෂකයකු වන ජයවර්ධන පතිරණගේ සරත් නොහොත් ඩැනී බේබි නමැත්තා වේ.

ධීවර කාර්මිකයෙක් වන එම පුද්ගලයා පොහොර නොමිලයේ ලබාගැනීමට ලිපියක් ඉල්ලා අවස්ථා කිහිපයකදීම කෘෂිකර්ම පර්යේෂණ නිලධාරිනී දීපශිකා ලක්රුවනි විජේදාස හමුවෙමින් කරදර කර ඇති බව පොලිස් විමර්ශනවලින් හෙළිවී ඇත. 

වහාම ක්‍රියාත්මක වු පොලීසිය මෙම අමානුෂික ඝාතනයට සැකකරු වන සජබ අපේක්ෂකයකු වන ජයවර්ධන පතිරණගේ සරත් නොහොත් ඩැනී බේබි නමැත්තා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

No comments

Ads Place