Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රූපවාහිනි සේවකයින්ටත් ඉවත්වන්නැයි දැනුම්දෙයි.!

ජාතික රූපවාහිනි සංස්ථාවේ සේවකයන් ස්වෙච්චාවෙන් සේවයෙන් ඉවත් වීමට කැමති අය සඳහා අයදුම්පත් ඉදිරිපත් කරන ලෙස සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින්...

ජාතික රූපවාහිනි සංස්ථාවේ සේවකයන් ස්වෙච්චාවෙන් සේවයෙන් ඉවත් වීමට කැමති අය සඳහා අයදුම්පත් ඉදිරිපත් කරන ලෙස සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් දැනුම්දී ඇත.

රූපවාහිනි සංස්ථාව ලාභ ලබන ආයතනයක් ලෙස පවත්වා ගැනීමේ අභියෝගයට මුහුණ දීම සඳහා මෙම පියවර ගැනීමට සිදුව ඇති බව සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සදහන් කරයි.

සිය ස්වෙච්ඡාවෙන් සේවය අතහැර යන එම සේවකයන් වෙනුවෙන් යෝජනා කර ඇති වන්දි මුදල උපරිමය රුපියල් ලක්ෂ 25 ක් සහ අවමය ලක්ෂ පහක් ලෙස සදහන් කර ඇත.

පාලකයන් මේ උත්සාහ කරන්නේ ආයතනය පාඩු ලබන බව පවසමින් විකුණා දැමීමේ කටයුත්තට බව සංස්ථාවේ වෘත්තීය සමිති නියෝජිතයන් එම යෝජනාවට විරෝධය පල කරමින් සඳහන් කරයි.

No comments

Ads Place