රුපියල ශක්තිමත් වී ඇති බවට රජය කරන ප්‍රකාශ අසත්‍ය බව ජනතා විමුක්ති පෙරමුණේ මහ ලේකම් ටිල්වින් සිල්වා මහතා පසුගියදා පැවැති ප්‍රවෘත්ති සාකච්ඡ...
රුපියල ශක්තිමත් වී ඇති බවට රජය කරන ප්‍රකාශ අසත්‍ය බව ජනතා විමුක්ති පෙරමුණේ මහ ලේකම් ටිල්වින් සිල්වා මහතා පසුගියදා පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබේ. ජාතික ජන බලවේගය විසින් පවත්වා ඇති එම මාධ්‍ය හමුවේදී ඒ මහතා පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන පළ වන වාර්තාද පිළිගත නොහැකි බවයි.
ඩොලරයේ අගය රුපියලට සාපේක්ෂව අඩු වෙමින් පවතින බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පවසයි. ඒ මහතා එසේ පැවසුවේ සමඟි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පෙරේදා (8) පැවති මාධ්‍ය හමුවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා: “ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය දීමට තීන්දු කරලා. සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා පසුගිය දින කිහිපයේම විදේශ තානාපතිවරුන් හමු වූ අවස්ථාවේ කිවේ අපේ රටේ ආර්ථිකය ගන්න සහාය දෙන්න වගේම රටට ආධාර කරන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ගොඩ ගැනීම සඳහා චීන ණය ප්‍රතිව්‍යූහගත කිරීමට සහාය දෙන්න කියලා. ඒ ආකාරයට සියලු තානාපතිවරුන්ගෙන්ද ඉල්ලීම් කළා අපට අවශ්‍ය මේ රට අගාධයට වැටෙන්න නෙමෙයි, අපට අවශ්‍ය මේ රට ඉදිරියට යන්න.
“ඩොලරයේ අගය පහළ වැටීම දැන් මහා ආශ්චර්යයක් බව පවසනවා. ඒකට හේතුව ලෝක බැංකුවට අනුබද්ධ ආයතනයක් විසින් ලංකාවේ බැංකු තුනට ඩොලර් මිලියන 400ක් දී තිබෙන විස්තීරණ ණය ලංකාවට ආවා. ඩොලර් එක රුපියලට සාපේක්ෂව අගය අඩු වෙමින් තිබෙනවා."
“ඒ වගේම ඉන්දියාවෙන් බෙහෙත් ගෙන්වීම සඳහා ඩොලර් බිලියනයක් අපි අරගෙන තිබුණා. එය මාර්තු 17 ගෙවන්න තිබුණා. හැබැයි ඒ බෙහෙත් ගන්න ගත්ත ඩොලර් බිලියනය භාවිත කරල තියෙන්නේ තුනෙන් දෙකයි. තුනෙන් එකක් පාවිච්චි කරල නෑ. අද වෙද්දි රෝහල්වල උග්‍ර බෙහෙත් හිඟයක් තිබෙනවා. ඒත් රජයේ අකාර්යක්ෂමතාව නිසා ගත් ණය මුදලවත් හරියට යොදවලා නැහැ.මෙවැනි තත්ත්වයක් තුළ අද වන විට ඩොලර් එක අඩු වෙලා තියෙනවා.“
උපුටාගැනීම - දිනමිණ
No comments