Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අනුරට ඇමතිකමක් දෙන්නයි තිස්සකුට්ටි ආණ්ඩුවෙන් ඉල්ලයි ..

  ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකට වසරක පමණ කාලයක් සඳහා අමාත්‍ය ධුරයක් ලබාදිය යුතු බව මන්ත්‍රී තිස්ස කුට්ටිආ...

 


ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකට වසරක පමණ කාලයක් සඳහා අමාත්‍ය ධුරයක් ලබාදිය යුතු බව මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පවසනවා.  අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු කියාසිටියේ හිටපු ඇමතිවරයාගේ පළපුරුද්ද භාවිත කර හොරු ඇල්ලීමේ කටයුතු සිදු කළ හැකි බවයි.  අනුර කුමාර මන්ත්‍රීවරයා හොරු ඇල්ලීම පිළිබඳ නිරන්තරයෙන් කතා කරන බැවින් හිටපු කෘෂිකර්ම ඇමතිවරයෙකු ද වන ඔහුට හොරු අල්ලන ඇමතිකම ලබාදිය යුතු බවට ජනාධිපතිවරයාට යෝජනා කරන බවයි තිස්ස කුට්ටිආරච්චි කියාසිටියේ. 

එම සොරුන් ඇල්ලීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ දැනට පවතින නීති රෙගුලාසි ප්‍රමාණවත් නොවන්නේ නම් ඒ වෙනුවෙන් නව නීති පාර්ලිමේන්තුවට ගෙන එන ලෙසට අනුර කුමාර දිසානායක මහතාට යෝජනා කරන බවයි තිස්ස කුට්ටිආරච්චි කියාසිටියේ.  එම නීතිවලට කිසිවෙකු හෝ සහයෝගය නොදෙන්නේ නම් ඔවුන්ට හොරා යන ලේබලය භාවිත කළ හැකි බව මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

No comments

Ads Place