Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බෙර හඬ මැද රෝහිතගේ බණ්ඩාරගම කාර්යාලය විවෘත වෙයි! ප්‍රධාන ආරාධිතයා නාමල්!

  අරගලය පිළිබඳ ගැටලුවක් නැතත් අරගලකරුවන් සම්බන්ධයෙන් ගැටලු පවතින බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසය...

 



අරගලය පිළිබඳ ගැටලුවක් නැතත් අරගලකරුවන් සම්බන්ධයෙන් ගැටලු පවතින බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, බණ්ඩාරගම ප්‍රදේශයේ පැවති උත්සවයකදීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බණ්ඩාරගම ආසනයේ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීම අද (26) සිදුකෙරුණු අතර පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ද එම අවස්ථාවට එක්ව සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා,

“බෝහෝ අය උත්සහ කරනවා මේ පොහොට්ටුවේ පාක්ෂිකයාව බය කරලා නවත්තගන්න. මැයි 9 වනදා මේ එක සිදුවීමක් විතරයි. අනික මැයි 9 වනදා අපේ අහිංසක පාක්ෂිකයා මම විශ්වාස කරන්නේ නෑ ගෝල්ෆේස් එකට ගහන්න ගියා කියලා. මහින්ද මහත්තයා මුණගැහෙන්න ආවේ. ඒ අරගලය වෙලාවෙත් කිව්වා අරගලය එක්ක අපිට ප්‍රශ්නයක් නෑ කියලා. හැබැයි අරගලකරුවා එක්ක අපිට ප්‍රශ්නයක් තියෙනවා. අවංකවම මේ සිස්ටම් එකේ වෙනසක් වෙන්නත් ඕනේ. අපි ඒක පිළිගන්නවා. ඒ සිස්ටම් එක වෙනුවෙන් පෙනී සිටින කෙනෙක් මම. හැබැයි අරගලකරුවා දන්නේ නැතිනම් තමන්ගේ අවසන් ඉලක්කය මොකක්ද කියලා. අරගලය මුවාවෙන් යමෙක් දේශපාලන බලවේගයක් ගොඩනගන්න උත්සහ කරනවා නම් ඒ පිළිබඳව අරගලකරුවාට අවබෝධයක් නැතිනම් බලවේගයක එක ඉත්තෙක් බවට අපේ අරගලය කරන දරුවෝ පත් වෙනවා නම් ඒ පිළිබඳව අපිට ප්‍රශ්නයක් තියෙනවා.”

No comments

Ads Place