Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ආණ්ඩුවේ උත්සාහය වහාම නවත්වන්න.. අපේ උරුමය නැති කරන්න එපා.!

  නෙඩුන්තීව් විෂ්ණුපුත්‍ර වෙඩිඅරසන් බලකොටුව යාපනය දෙමළ ජනතාවගේ පාරම්පරික උරුමයක් බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි සිවඥානම් ශ්‍රී...

 



නෙඩුන්තීව් විෂ්ණුපුත්‍ර වෙඩිඅරසන් බලකොටුව යාපනය දෙමළ ජනතාවගේ පාරම්පරික උරුමයක් බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි සිවඥානම් ශ්‍රීධරන් සදහන් කරයි.

එම බලකොටුව ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථානයක් බවට හුවා දැක්වීමට සිදුකරමින් තිබෙන උත්සහායන් වහාම නතර කරන්නැයි අවධාරණය කර දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි සිවඥානම් ශ්‍රීධරන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කර ඇත.

බෞද්ධ ධර්මය ආගමික අනන්‍යතාවක් මිසක සිංහල ජනතාවගේ අනන්‍යාතාවක් නොවන බවත්, වත්මන් ආණ්ඩුවත් උතුරු නැඟෙනහිර පළාත්වල ද්‍රවිඩ ඉතිහාසය වෙනස් කිරීමට උත්සාහ කරන බවද එම මන්ත්‍රීවරයා චෝදනා කරයි.

එම බලකොටුව ස්ථානයේ අලුතෙන් ස්ථාපිත කෙරෙන දැන්වීම් පුවරු වල බලකොටුව සිංහල බෞද්ධ සිද්ධස්ථානයක් වශයෙන් හඳුන්වාදී ඇති බවද මන්ත්‍රිවරයා එම ලිපියේ සඳහන් කර ඇත.

ජනාධිපතිවරයා වෙත යවා ඇති ලිපියේ මෙසේ සඳහන් කර ඇත.

“යුද්ධය අවසන් වූ වසර 13ක පමණ කාලය ඇතුළත පසුගිය ආණ්ඩු උතුරු නැඟෙනහිර පළාත් වල ජීවත් වන දෙමළ ජනතාවගේ පාරම්පරික උරුමය, භාෂාව, සංස්කෘතිය විනාශකාරී කටයුතු වත්මන් ජනාධිපතිවරයා වන ඔබගේ ආණ්ඩුව කාලයේදී වඩාත් විනාශකාරීව සිදුවෙමින් තිබේ. මෙමඟින් මෙරට දෙමළ හා සිංහල ජනතාව අතර  තිබෙන සංහිඳියාවත් විනාශ වෙමින් පවතින බව පෙන්වා දෙනු කැමැත්තෙමි. දීර්ඝකාලීන යුද්ධයකට මුහුණදුන් අප ජනතාවට තවමත් එහි ප්‍රතිවිපාක වලින් අත්මිදීමට නොහැකිව තිබේ.

එසේ තිබියදී එම ජනතාවගේ නිජබිම ප්‍රදේශ වන උතුරු නැඟෙනහිර පළාත් වල පවතින පුරාවිද්‍යා ස්ථාන සියල්ල බෞද්ධ සිද්ධස්ථාන වශයෙන් හඳුන්වාදීම වෙනුවෙන් වන ක්‍රියාමාර්ග ඉතා ශිීඝ්‍රයෙන් සිදුවෙමින් පවතී. ඒ අනුව එම ස්ථානවල බෞද්ධ වෙහෙර විහාර, චෛත්‍ය, පිළිම ස්ථාපිත කරමින් දෙමළ ජනතාව වෙත බලහත්කාරයෙන් එම අනන්‍යතාව රැඳවීමේ උත්සාහයක වත්මන් ආණ්ඩුව නිරත වන බව පෙනී යයි.”

No comments

Ads Place