Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පොලිස්පති ධුරය දේශබන්දුට

  මෙරට 36 වන පොලිස්පතිවරයා ලෙස ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කිරීමට ජනාධිපතිවරයා විසින් නිර්දේශ කර ඇති බව ඉහළ පෙළේ ...

 


මෙරට 36 වන පොලිස්පතිවරයා ලෙස ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කිරීමට ජනාධිපතිවරයා විසින් නිර්දේශ කර ඇති බව ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ වත්මන් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා විශ්‍රාම ගැනීමෙන් අනතුරුව එම තනතුර සඳහා දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කිරීමට නියමිත බවය.

වත්මන් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා එළඹෙන 25 වනදා විශ්‍රාම ගනී.

වර්ෂ 1998 දී ආධුනික සහකාර පොලිස් අධිකාරි වරයෙකු ලෙස පොලිස් සේවයට එක්වන දේශබන්දු තෙන්නකෝන් මහතා 2006 වර්ෂයේදි පොලිස් අධිකාරි තනතුරටද, 2011 වර්ෂයේදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුරටද, 2015 වර්ෂයේදි නියෝජ්‍ය පොලිස්පති තනතුරටද උසස්විම් ලබා ඇත.

අනතුරුව 2019.11.29 දින වැඩ බලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත්වන ඒ මහතා 2020.01.01 දිනට එම තනතුරේ ස්ථිර පත්විම් ලබන අතර, 2019.12.05 දින සිට මේ දක්වා වසර 03කට අධික කාලයක් බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වශයෙන් කටයුතු කරනු ලබයි. 

1971 වර්ෂයේ උපත ලැබූ ඒ මහතා කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

කොළඹ විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබාගෙන ඇති දේශබන්දු තෙන්නකෝන් මහතා කැලණිය විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධිය ලබාගෙන තිබේ.

වසර 25 ක සේවා අත්දැකීම් ඇති ඒ මහතා තම සේවා කාලය තුල දිවයිනේ විවිධ ප්‍රදේශ ආවරණය වන පරිදි රාජකාරී කර ඇත.

අපරාධ නිවාරණය, මත්ද්‍රව්‍ය නිවාරණය, පාරිසරික සංරක්ෂණය සම්බන්ධ ක්‍රියාකාරකම් රැසක් ක්‍රියාත්මක කරමින් දේශබන්දු තෙන්නකෝන් මහතා එම සේවා කාලය තුළදී කැපී පෙනෙන වැඩකොටසක් සිදුකරනු ලැබීය.

එසේම COVID-19 වසංගතය හමුවේ බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක වූ සෞඛ්‍ය ආරක්ෂණ වැඩසටහන් ඇතුළු විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමේදී දේශබන්දු තෙන්නකෝන් මහතා පුරෝගාමී මෙහෙවරක් සිදුකළේය.

No comments

Ads Place