Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රජයට එරෙහිව අඛණ්ඩ විරෝධතා අදින් ඇරඹෙයි.!

  අද (13) දින රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහිව රෝහල් රැසක වැඩවර්ජන ක්‍රියාමාර්ගයක් ප්‍රකාශයට පත් කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සදහන් ...

 


අද (13) දින රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහිව රෝහල් රැසක වැඩවර්ජන ක්‍රියාමාර්ගයක් ප්‍රකාශයට පත් කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සදහන් කරයි.

බස්නාහිර, දකුණ, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වල සියලුම රෝහල් ආශ්‍රීතව අද උදෑසන 8.00සිට මෙම වර්ජන ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සදහන් කරයි.

සමස්ත ලංකා හෙද සංගමය, ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සංවිධානය, සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය, ලංකා බැංකු සේවක සංගමය, රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය වෘත්තිය සමිති එකමුතුව, ගුරු විදුහල්පති වෘත්තිය සමිති එකමුතුව ඇතුලුව මෙම සතිය තුළ විරෝධතා සහ වෘත්තීය ක්‍රියාමාර්ග වෙත එළඹීමට නියමිතය.

රජයේ නව බදු ප්‍රතිපත්තිය, පොලී අනුපාතික ඉහළ දැමීම, විදුලි බිල වැඩි කිරීම, රාජ්‍ය සේවක ගැටලු ඇතුළු කරුණු කිහිපයකට එරෙහිව ගනු ලබන වෘත්තිය ක්‍රියාමාර්ග මෙම සතිය තුළ තවදුරටත් සිදු කිරීමට වෘත්තිය සමිති එකමුතුව තීරණය කරයි.

No comments

Ads Place