Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන්නේ නෑ.!

  මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු තවදුරටත් පමා වන බවත් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට අවශ්‍ය මුදල් මෙතෙක් රජයේ මුද්‍රණාලය...

 

මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු තවදුරටත් පමා වන බවත් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට අවශ්‍ය මුදල් මෙතෙක් රජයේ මුද්‍රණාලය වෙත ලැබී නොමැති බවද රජයේ මුද්‍රණයාලාධිපතිනි ගංගානි ලියනගේ සදහන් කළාය.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව රජයේ මුද්‍රණාලය විසින් මේ වනවිටත් සිදුකර ඇති මූලික කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 200කට අධික මුදලක් ගෙවිය යුතුව ඇති බවත් මෙතෙක් රජයේ මුද්‍රණාලය වෙත ලැබී ඇත්තේ රුපියල් මිලියන 40ක් පමණක් බවද වාර්තා වේ.

පළාත් පාලන මැතිවරණයේ කටයුතු සඳහා රුපියල් මිලියන 500කට අධික මුදලක් වැයවනු ඇති බවට රජයේ මුද්‍රණාලය විසින් පසුගිය 08 වනදා මුදල් අමාත්‍යංශය වෙත දැනුම්දී ඇති බවත් මෙතෙක් මුදල් අමාත්‍යංශයෙන් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බවද රජයේ මුද්‍රණයාලාධිපතිනි ගංගානි ලියනගේ සදහන් කළාය.

එනිසා ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට මෙතෙක් හැකියාවක් ලැබී නොමැති බවත් මුද්‍රණ කටයුතු ආරම්භ කිරීම සඳහා අවම වශයෙන් රුපියල් මිලියන 200ක මුදලක් රජයේ මුද්‍රණාලය වෙත ලැබිය යුතු බවද ගංගානි ලියනගේ සඳහන් කළාය.

No comments

Ads Place