Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඩොලර් 397 කට රෝහිත පොලිසි යයි..

  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බාල පුත් රෝහිත රාජපක්ෂගේ ක්‍රෙඩිට් කාඩ් පතකින් ඩොලර් 397 ක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ...

 


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බාල පුත් රෝහිත රාජපක්ෂගේ ක්‍රෙඩිට් කාඩ් පතකින් ඩොලර් 397 ක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන බව පොලිසිය අධිකරණයට ඊයේ (9 වැනිදා) දැනුම් දුන්නේය.

කොළඹ 7, විජේරාම මාවත, අංක 117 පදිංචි රෝහිත චන්දන රාජපක්ෂ විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම පරීක්ෂණය පවත්වන බව නාරාහේන්පිට පොලිසිය කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසාන් අමරසේන වෙත එලෙස දන්වා සිටියේය.

තමා විජේරාම මාවතේ පිහිටි නිවසට අමතරව අංක 184, දූව පාර, බැද්දගාන, කෝට්ටේ ලිපිනයේ තාවකාලිකව පදිංචිව සිටින බවත්, තමා ඉකුත් මාර්තු 3 වැනි දින මාතර නිවසට පිටව ගිය බවත් ඒ අතරතුරදී තමාගේ ක්‍රෙඩිට් කාඩ් පත වැටී ඇති බවත් සඳහන් කරමින් රෝහිත රාජපක්ෂ අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි.

කිසියම් පුද්ගලයකු තමාගේ ක්‍රෙඩිට් කාඩ් පත උපයෝගී කරගෙන ඔන්ලයින් ක්‍රමය යටතේ ඉකුත් මාර්තු 5 වැනි දින පෙරවරු 10.07 ට ඩොලර් 167 ක්ද, මාර්තු 6 වැනි දින දහවල් 12.21 ට ඩොලර් 67 ක්ද, එදිනම පස්වරු 2.01 ට ඩොලර් 99 ක්ද ලබාගෙන ඇතැයිද ඉකුත් මාර්තු 7 වැනි දින පෙරවරු 10.58 ට ජාවත්ත ප්‍රදේශයේ අවන් හලකින් ඩොලර් 54 ක් වියදම් කර තිබූ බවත් ඉන්පසුව තමාගේ ක්‍රෙඩිට් කාඩ් පත අවලංගු කර ඇති බවත් සඳහන් කරමින් රෝහිත රාජපක්ෂ එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි.

තමාගේ ක්‍රෙඩිට් කාඩ් පත උපයෝගී කරගෙන ලබාගෙන ඇති මුදල්වල වටිනාකම මෙරට මුදලන් රුපියල් 105000 ක් වන බවත්, මේ සම්බන්ධයෙන් විමර්ශනය කර තමාගෙන් ලබාගත් මුදල් නැවත ලබාදෙන ලෙසට ඉල්ලමින් ප්‍රකාශයක්ද ලබාදෙමින් රෝහිත රාජපක්ෂ නාරාහේන්පිට පොලිසිය වෙත පැමිණිලි කර තිබිණි.

No comments

Ads Place