Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සල්ලි අච්චු ගහල මැතිවරණයට සල්ලි දුන්නොත් IMF ණය නැතිවෙන ලකුණු..

  මැතිවරණයක් නොපවත්වා සිටිමේ අදහසක් රජයට නොමැති නමුත් රජය මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ස...

 



මැතිවරණයක් නොපවත්වා සිටිමේ අදහසක් රජයට නොමැති නමුත් රජය මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

රට තුළ ඇති ආර්ථික තත්ත්වය මත රජයට සතයක්වත් ඉතිරි නොවන බවත් මීට පෙර ආණ්ඩු ද වියදම් කර ඇත්තේ ණය ගැනීම් හා මුදල් අච්චු ගැසීමෙන් බවත් ඔහු පැවසීය.

නමුත් ණය ගෙවීම් පැහැර හැර ඇති නිසා ණය ගැනීමට ද නොහැකි බවත් මුදල් අච්චු ගැසීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනුමැතිය නොදෙන බවත් හෙතෙම සඳහන් කළේය.

එනිසා මුදල් අච්චු ගැසීමට කටයුතු කළහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම් ගත වීමට නොහැකි තත්ත්වයක් උද්ගත වන බවද හෙතෙම පැවසීය

එනිසා භාණ්ඩාගාරය පෙර මුහුණ නොදුන් ගැටළුවට මුහුණ පා ඇති බව ද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

No comments

Ads Place