Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රුසියාවට විරුද්ධ වෙන්නයි ජර්මනිය ලංකාවට දන්වයි..නැත්නම් GSP + නැතිවෙයි..

  ශ්‍රී ලංකාවේ ආනයන තහනම දිගටම පැවැත්වුහොත් මෙරටින් ඉවත් වීම සලකා බලමින් සිටින බව ජර්මානු සමාගම් අනතුරු අඟවා තිබේ. එම තහනම ලිහිල් කරන්නැයි ශ...

 


ශ්‍රී ලංකාවේ ආනයන තහනම දිගටම පැවැත්වුහොත් මෙරටින් ඉවත් වීම සලකා බලමින් සිටින බව ජර්මානු සමාගම් අනතුරු අඟවා තිබේ.

එම තහනම ලිහිල් කරන්නැයි ශ්‍රී ලංකාවේ මෙරට ව්‍යාපාර කටයුතුවල ද ජර්මානු සමාගම් රැසක් ඉල්ලීම් කර ඇති බව කොළඹ සිටින ජර්මානු තානාපතිවරයා පැවසීය.

මෙම තහනම තවත් දීර්ඝව පැවතිය හොත් ඇතැම් සමාගම් ශ්‍රී ලංකාවේ ව්‍යාපාර අත්හිටුවනු ඇති බව ද ඔහු පැවසීය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ තත්ත්වය යහපත් අතට හැරුනු ඇතැයි අපේක්ෂා කරන බවද තානාපතිවරයා සදහන් කලේය.

මේ අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත දිගටම ක්‍රියාත්මක කළහොත් ජීඑස්පී ප්ලස් වෙළඳ සහනය ශ්‍රී ලංකාවට අහිමි වීමේ අවධානමක් පවතින බවද තානාපතිවරයා සඳහන් කරයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දී රුසියාවට එරෙහි යෝජනාවක් සඳහා ශ්‍රී ලංකාවේ සහයද ඉල්ලා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවද තානාපතිවරයා තව දුරටත් සඳහන් කළේය.

No comments

Ads Place