Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ත්‍රස්ත පනත-ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතු නිසා GSP+ සහනය ලංකාවට අහිමි වෙන්න ඉඩ තියෙනවා!

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) වෙනස් කිරීමට ලංකාව අපොහොසත් වීම හේතුවෙන් ශ්‍රී ලංකාව යුරෝපීය සංගමයේ වරණීය වෙළඳ සහන (GSP+) අහිමි වීමේ අවදානම...

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) වෙනස් කිරීමට ලංකාව අපොහොසත් වීම හේතුවෙන් ශ්‍රී ලංකාව යුරෝපීය සංගමයේ වරණීය වෙළඳ සහන (GSP+) අහිමි වීමේ අවදානමකට මුහුණ දී සිටින බව ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති හොල්ගර් සීබර්ට් මහතා පැවසීය.

යුරෝපීය කොමිසමේ සභාපති උර්සුලා වොන්ඩර් ලේයන් පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී කියා සිටියේ 2023 වසරේ මුල් භාගයේදී නිකුත් කිරීමට නියමිත වාර්තාවක් සමඟින් ඩොලර් මිලියන 500ක GSP+ වෙළඳ සහනය ලබාදීම ශ්‍රී ලංකාවේ කැපවීම්වල ප්‍රගතිය මත තක්සේරු කරන බවයි.

කෙසේ වෙතත්, වසර 26ක සිවිල් යුද්ධයක් අවසන් වූ සමයේ සහ ඉන් පසුව ත්‍රස්තවාදයට සම්බන්ධ යැයි කියන සැකකරුවන් රඳවා තබා ගැනීම සඳහා භාවිත කළ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කරන ලෙස යුරෝපා සංගමය පසුගිය කාලසීමාව පුරාම රජයෙන් දැඩි ලෙස ඉල්ලා සිටියේය. ඔවුන් පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකා රජයන් ඔවුන්ගේ විරුද්ධ මත යටපත් කිරීමට ත්‍රස්ත නීතිය භාවිතා කර ඇති බවයි.

ජර්මානු තානාපති හොල්ගර් සීබර්ට් අද (18) කොළඹදී තෝරාගත් මාධ්‍යවේදීන් පිරිසකට පැවසුවේ “ත්‍රස්ත පනත ප්‍රතිස්ථාපනය කිරීමට අපොහොසත් වීම නිසා ශ්‍රී ලංකාවට යුරෝපා සංගමයේ වෙළඳ සහනය අහිමි වීමේ අවදානමක් ඇති බවකි.

“කිහිප වතාවක්ම පොරොන්දු වුනා”

“ත්‍රස්ත පනත ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ගෙන එන බවට ශ්‍රී ලංකාව යුරෝපා සංගමයට සහ ජර්මනියට කිහිප වතාවක්ම පොරොන්දු වුණා. GSP+ සහනය අවසන් වෙමින් පවතින අතර එය ශ්‍රී ලංකාවට අහිමි වීමේ අවදානමක් පවතිනවා. මේ අවස්ථාවේදී එය අහිමි කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාවක් නැහැ.”

කිසිදු නීතිමය ප්‍රවේශයකින් තොරව ඕනෑම අයෙකු මාස තුනකට රඳවා තබා ගත හැකි නීතිය අවලංගු කරන ලෙස යුරෝපා සංගමය දිගු කලක් තිස්සේ ඉල්ලා සිටියේය.

අධිකරණයට ඉදිරිපත් නොකර පුද්ගලයන් දින නියමයක් නොමැතිව රඳවා තබා ගැනීමට ඉඩ සලසන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කිරීමට රජය කටයුතු නොකළහොත් ශ්‍රී ලංකාවේ අපනයන සඳහා GSP+ සහනය ඉවත් කළ යුතු බවට යුරෝපා සංගම් පාර්ලිමේන්තුව තීරණය කළේය.

No comments

Ads Place