Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අපේ ආණ්ඩුවක් යටතේ මං කෙලින්ම පැමිණිලි බාර ගෙන..හොට් ලයින් නම්බර් එකක් දෙනවා..

  ජාතික ජන බලවේගය ආණ්ඩුවක් යටතේ මන්ත්‍රීවරුන්ට වරප්‍රසාද සියල්ල අහෝසි කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් ...

 


ජාතික ජන බලවේගය ආණ්ඩුවක් යටතේ මන්ත්‍රීවරුන්ට වරප්‍රසාද සියල්ල අහෝසි කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.

මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප, වාහන බලපත්‍ර, පොලිස් ආරක්‍ෂාව ආදී සියල්ල අත්හිටුවන බවත් මන්ත්‍රීවරුන්ට සිය වැඩ කටයුතු සඳහා වූ වාහන අවශ්‍ය නම් පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයෙන් මන්ත්‍රී ධුරය දරන කාලයට පමණක් ලබාදෙන බවද ඔහු පැවසීය.

තම ආණ්ඩුව යටතේ වත්මන් මජර දේශපාලන සංස්කෘතිය ඉවත් කිරීම මූලික කාර්යයක් ලෙස සලකන බවද හෙතෙම කියා සිටී.

තම ආණ්ඩුවක නිධාරීන් හෝ දේශපාලඥයන් පගාව අල්ලස් ලබා ගන්නේ නම් ඒ ගැන විවෘතව පැමිණිලි බාර ගන්නා බවක් තමන්ට ද සෘජු ව දැනුම් දිය හැකි බවත් ඔහු සඳහන් කරයි. ඒ සඳහා ක්ෂණික දුරකථන ඇමතුම් අංකයක් ද ලබාදිය හැකි බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

කැස්බෑව පාර ප්‍රදේශයේ පැවැති පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් වූ ජන හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේය.

No comments

Ads Place