Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නිර්වින්දන ඖෂධ නොමැතිවීමෙන් සැත්කම් නවතින ලකුණු..

  රට පුරා රෝහල් පද්ධතිය තුල ඖෂධ ශල්‍ය උපකරණ රසායනික ද්‍රව්‍ය ඇතුළු යෙදවුම් වල දැඩි හිගයක් පවතින බව ශ්‍රී ලංකා නිර්වින්දන වෛද්‍ය වරුන්ගේ සංගම...

 


රට පුරා රෝහල් පද්ධතිය තුල ඖෂධ ශල්‍ය උපකරණ රසායනික ද්‍රව්‍ය ඇතුළු යෙදවුම් වල දැඩි හිගයක් පවතින බව ශ්‍රී ලංකා නිර්වින්දන වෛද්‍ය වරුන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපතිනි අනෝමා පෙරේරා මහත්මිය පවසන්නේ මේ තත්ත්වය පිළිබඳ අවධානය යොමු නොකළහොත් ඉතා ඉක්මනින් සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටෙනු ඇති බවයි.

සැත්කම් සඳහා අවශ්‍ය ඖෂධ තොග මේ වන විට වෛද්‍ය සැපයුම් අංශයේ බින්දුවටම අවසන් වී ඇති බවත් ඇය සඳහන් කළේ ය.

ඒ නිසා හදිසි සැත්කම් හා සිසේරියන් සැත්කම් පවා සිදු කිරීමට නොහැකි තත්ත්වයක් උදා වනු ඇති බවට ද ඇය අනතුරු අඟවයි.

No comments

Ads Place