Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අපේ කෙල්ලෝ බංගලි කෙල්ලන්ව පරදා ලෝක කුසලාන දෙවන ජයත් වර්තා කරයි..

  ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩයේ කේප්ටවුන් හි පැවැති තරගයෙන් කඩුලු 07කින් ජය ගැනීමට ශ...

 



ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩයේ කේප්ටවුන් හි පැවැති තරගයෙන් කඩුලු 07කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

මුලදී පන්දුවට පහරදුන් බංග්ලාදේශ කාන්තා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 126ක් ලබා ගත්තේය.

සාර්ථක ආරම්භයකින් පසුව බංග්ලාදේශ කණ්ඩායම බිද වැටුණු අතර ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඕෂදී රණසිංහ සහ නායිකා චමරි අතපත්තු අතරේ කඩුලු 5ක් බෙදී ගියේය.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18 යි පන්දු දෙකකදී කඩුලු 03ක් පමණක් දැවී ලකුණු 129 ලබාගෙන ජයග්‍රහණය කළේය.

ඒ අනුව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ පැවති තරඟ දෙකම ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන ඇත.

No comments

Ads Place