Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මම ජනපති උනහම සියළු වතුකම්කරුවන් කුඩා තේ වතු හිමියන් කරනව - සජිත්..

  වතුකරයේ කම්කරුවන් ලෙස වැඩකරන ජනතාව කුඩා තේ වත්තක හිමිකරුවකු බවට පත් කිරීම තම අරමුණ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. වගා නොක...

 



වතුකරයේ කම්කරුවන් ලෙස වැඩකරන ජනතාව කුඩා තේ වත්තක හිමිකරුවකු බවට පත් කිරීම තම අරමුණ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

වගා නොකරන ඉඩම් විශාල ප්‍රමාණයක් රට තුළ ඇති බවත් ඒවා මුඩු ඉඩම් බවට පත්වී ඇති බවද ඔහු කියා සිටී.

රටේ ඉඩම් නැති තරුණ ප්‍රජාවට ජාති භේදයකින් තොරව එක ජාතියක් සේ ගොඩ නැගීම තම අරමුණ බවත් ඔවුන් ඉඩමක හිමිකරුවකු බවට පත් කිරීමට කටයුතු කරන බවත් ප්‍රේමදාස මහතා පැවසීය. 

ආර්ථිකය කුඩා කර රටේ ප්‍රශ්න විසඳීමට හැකි බවත් සමාජවාදයෙන්වත් ධනවාදයෙන්වත් රට ගොඩනැගිය නොහැකි බවද පැවසූ ඔහු ඒ සඳහා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ගමනක් යා යුතු බවත් කියා සිටියේය.

රට ගොඩ ගැනීමට හැකියාව දක්ෂතාවය කුසලතාව ඇති කණ්ඩායම සිටින්නේ සමගි ජනබලවේගය පමණක් බවද ඒ මහතා කියා සිටියේ වලපනේ ප්‍රදේශයේ පැවති එම පක්‍ෂ ජනහමුවක් අමතමිනි.

No comments

Ads Place