Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සාර්ථක උත්තරයක් ලැබුණෙ නෑ! මාර්තු පළමුවැනිදා වැඩවර්ජනයට යනවා!

  ජනාධිපතිවරයා සමග අද (25) පැවැති සාකච්ඡාවේදී සිය ඉල්ලීම්වලට අපේක්ෂා කළ අයුරින් විසඳුමක් නොලැබුණු බව වෘත්තීයවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව ප...




 ජනාධිපතිවරයා සමග අද (25) පැවැති සාකච්ඡාවේදී සිය ඉල්ලීම්වලට අපේක්ෂා කළ අයුරින් විසඳුමක් නොලැබුණු බව වෘත්තීයවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව පැවසීය.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේ, ඒ අනුව සිය විරෝධතා අඛණ්ඩව ඉදිරියට ගෙනයන බවය.

“අපි එක්කෙනෙක්වත් අපේ පෞද්ගලික මතයක් ඉදිරිපත් කළේ නැහැ. සමස්ත වෘත්තීයවේදීන්ගේම හඬ තමයි අපි නියෝජනය කරන්නේ.”

“නමුත් අපි බලාපොරොත්තු වෙන උත්තරය අපිට අද දවසේ ලැබුණේ නැහැ.” 

“අපි කිව්වේ තවදුරටත් අපිට මේ බද්ද දරාගන්න බැහැ. ඒ නිසා ක්ෂණිකව යම් සහනයක් ලබාදෙන්න කියලා.” 

“ජනාධිපතිවරයාගේ පැත්තෙන් පිළිගත්තා අපේ යෝජනා ඉතාමත්ම සාධාරණයි කියලා.” 

“රාජ්‍ය ආදායමට හානියක් නොවන විදියට මේක කරන්න කියලා තමයි අපි ඉල්ලුවේ.”

“ජනාධිපතිවරයා ඉල්ලීමක් කළා IMF නියෝජිතයින් සමග සිදුකරන සාකච්ඡාවලට වෘත්තිකයෝ විදියට අපිටත් සම්බන්ධවෙන්න කියලා.”

“නමුත් අවසාන වශයෙන් ගත්තාම මාර්තු 01 වනදායින් පස්සේ ආරම්භ වෙන විරෝධතා මාලාව අඛණ්ඩව ඉදිරියට ගෙනයෑම සඳහා අද දවසේ සිදුවූ සාකච්ඡාව කිසිම බාධාවක් වුණේ නැහැ.”

“ඒවා නතර කරන්න අවශ්‍ය ධනාත්මක ප්‍රතිචාරයක් අපිට ලැබුණා කියලා අපි විශ්වාස කරන්නෙත් නැහැ. ඒ නිසා අපි අරගෙන තිබෙන තීරණ ඉදිරියට ගෙනයනවා.”

“ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් කියවෙච්ච දෙයක් තමයි IMF එකට යන්නේ නැතුව මේ රට ගොඩගන්න බෑ කියන එක.”

“IMF අවසන් එකඟතාවයකට එන්න කලින් බදු සංශෝධනයක් සිදු කළොත් ඒක ඝෘණාත්මක ලෙස බලපායි කියලා තමයි ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් පැවසුවේ. ඒක අපි පිළිගන්නේ නැහැ. IMF කියන්නේ මේ මුදල එකතු කරගන්න කියලා.”

“කොහොම වුණත් අපි බලාපොරොත්තු වෙනවා සාකච්ඡාව ඉදිරියට ගෙනියන්න. මේ බදු සංශෝධන වෘත්තිකයින්ට දරාගන්න පුළුවන් මට්ටමට ගේනකම් අපි මේ සටන අත්හරින්නේ නැහැ.” 

No comments

Ads Place