Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

එනවයි කියන බිත්තරේ එන්නෙ සඳුදා..

  මෙරට ට ආනයනය කෙරෙන පළමු බිත්තර තොගය ලබන සඳුදා දිවයිනට ගෙන ඒමට නියමිතව බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි. ඔහු සඳහන් කළේ ශ්‍රී ලං...

 


මෙරට ට ආනයනය කෙරෙන පළමු බිත්තර තොගය ලබන සඳුදා දිවයිනට ගෙන ඒමට නියමිතව බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.

ඔහු සඳහන් කළේ ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව විසින් මෙම බිත්තර තොගය ආනයනය කිරීමට නියමිත බවය.

ඉන්දියාවේ සිට බිත්තර මිලියන 02කට ආසන්න ප්‍රමාණයක් පළමු වරට ආනයනය කිරීමට පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා පැවසීය.

මේ අතර බිත්තර ආනයනය සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

මුදල් අමාත්‍යාංශය විසින් බිත්තරයක් සඳහා පනවා ඇති රුපියල් 50ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පෙබරවාරි 21 වනද සිට ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව විසින් ආනයනය කිරීමේ දී රුපියලක් දක්වා අඩු කර තිබේ.

අදාළ බදු සංශෝධනය මාස තුනක කාලයක් සඳහා වලංගු බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.

No comments

Ads Place