Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

යළිත් බරපතළ විදුලි අර්බුදයක්.. නොරොච්චෝල වසා දමන්න සැරසෙයි.!

  විදුලිබල මණ්ඩලයේ ඇති වී තිබෙන ඉංජිනේරුවන්ගේ හිගය හේතුවෙන් ඉදිරි කාලයේදී අඛණ්ඩ විදුලි සැපයුමක් සිදු කිරීමට නොහැකි වනු ඇතැයි විදුලිබල මණ්ඩලය...

 



විදුලිබල මණ්ඩලයේ ඇති වී තිබෙන ඉංජිනේරුවන්ගේ හිගය හේතුවෙන් ඉදිරි කාලයේදී අඛණ්ඩ විදුලි සැපයුමක් සිදු කිරීමට නොහැකි වනු ඇතැයි විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය අනතුරු ඇගවීමක් කරයි.

රටේ පසුගිය වසරක කාලය තුළ විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් 72ක් රට හැර ගොස් ඇති බවත් මෙම ප්‍රමාණයෙන් 20 දෙදෙනකුම නොරොච්චෝල බලාගාරයේ සේවය කළ අය බවද ඉංජිනේරු සංගමයේ සම ලේකම් ඉසුරු කස්තුරිරත්න සදහන් කරයි.

එනිසා මේ වනවිට නොරොච්චෝල බලාගාරය පවත්වාගෙන යාම පිලිබඳව විශාල ගැටලුවක් නිර්මාණය වී ඇති බවද විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සම ලේකම් ඉසුරු කස්තුරිරත්න සඳහන් කරයි.

පවතින මෙම ඉංජිනේරු හිගය හේතුවෙන් ඉදිරියේදී නොරොච්චෝල බලාගාරය නවතා දැමීමට පවා සිදුවිය හැකි බවත් එය එසේ සිදුවුවහොත් විදුලි අර්බුදය බරපතළ තත්ත්වයට පත්වනු ඇති බවද සංගමයේ සම ලේකම් ඉසුරු කස්තුරිරත්න සඳහන් කරයි.

No comments

Ads Place