Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බෙදුම්වාදීන්ගේ වුවමනාවට යුද හමුදාවෙන් තැබූ බුදුපිළිමය ඉවත්කිරීමට කටයුතු කරලා

  යාපනය, අච්චුවේලි පොලිස් වසමේ හමුදා කඳවුරක් සමීපයේ යුද හමුදාව විසින් අලුතින් තැන්පත් කළ බුදු පිළිමයක් වලිකාමම් ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළ...

 



යාපනය, අච්චුවේලි පොලිස් වසමේ හමුදා කඳවුරක් සමීපයේ යුද හමුදාව විසින් අලුතින් තැන්පත් කළ බුදු පිළිමයක් වලිකාමම් ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු පිරිසකගේ විරෝධය හමුවේ ඉවත්කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

අච්චුවේලි පොලිස් වසමේ නිලාවරෛ ප්‍රදේශයේ යුද හමුදා කදවුර අසල පිහිටි පැරණි බෝ ගසක් යට බුදු පිළිමය තැන්පත් කිරීමට යුද හමුදාව පියවර ගෙන ඇත්තේ 23 වැනි සිකුරාදා රාත්‍රී කාලයේදීය.

පසුදා උදෑසන එය දුටු පිරිසක් ඒ සම්බන්ධයෙන් අච්චුවේලී පොලීසියට සහ වලිකාමම් නැගෙනහිර ප්‍රාදේශීය සභාවට පැමිනිලි කිරීමට පියවර ගෙන ඇති අතර, වලිකාමම් ප්‍රාදේශීය සභාවේ සභාපති ත්‍යාගරාජා නිරෝෂ් සහ පොලිස් නිලධාරීන් නිලාවරෛ වෙත පැමිණ යුද හමුදා නිලධාරීන් සමග සාකච්ඡා කිරීමෙන් පසුව බුදු පිළිමය ඉවත් කිරීමට යුද හමුදාව කටයුතු කළ බවයි වාර්තා වන්නේ.

එම ප්‍රදේශවලින් හමුදාව ඉවත් කර පොලිස් බලතල පළාත් සභාවට පැවරීමට කටයුතු සිදුවන තත්වයක් යටතේ මෙවැනි දෑ සිදුවීම තුළින් පිළිඹිබු කුමක්දැයි හොදින් තේරැම්ගත යුතුව ඇති බව දේශපාලන විචාරකයෝ පවසති.


https://m.youtube.com/watch?v=Fp8M0gg6Jzo&embeds_euri=https%3A%2F%2Fwww.lankaleadnews.com%2F&feature=emb_imp_woyt

No comments

Ads Place