Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නැවතත් පෙර තත්ත්වයට යන්න බෑ.. පවතින වතාවරණයට හැඩ ගැසිය යුතුයි.!

  නව ගමනක් ආරම්භ කිරීමට නම් අප පවතින වාතාවරණයට හැඩ ගැසෙමින් ඉදිරියට යායුතු බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ 37වන ජාත්‍යන්තර වරලත් ...

 


නව ගමනක් ආරම්භ කිරීමට නම් අප පවතින වාතාවරණයට හැඩ ගැසෙමින් ඉදිරියට යායුතු බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ 37වන ජාත්‍යන්තර වරලත් ගණකාධිකාරී ශිෂ්‍ය සම්මේලනයට එක්වෙමින් සදහන් කරයි.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ තවදුරටත් සදහන් කළේ,

“මට නිතරම අසන්නට ලැබෙන දුක් ගැනවිල්ලක් තමයි පොලී හා බදු අනුපාතයන් ඉහළ නිසා තමන් දුෂ්කර මුල්‍ය තත්ත්වයක සිටින බව පැවසීය. ඔවුන් වටහා ගත යුතු කරුණක් තමයි, අඩු පොලී අනුපාත මත අපට තවදුරටත් රඳා පැවැතිය නොහැකි බව.

මහ බැංකුව ලෙස අපි උපරිම උත්සාහ කරනවා. ජනතාවට ඇතිවන වේදනාව අවම කරමින් ආර්ථිකය ගොඩනගන්නට.මට විශ්වාසයි. අප සිටියාට වඩා හොඳ තත්ත්වයකට පත්වූ ආකාරයෙන්ම අපට මුල්‍ය සහන ලැබුණු පසු ඊට වඩා ඉහළ ප්‍රගතියක් අත්කර ගත හැකි බවට.

මට කියන්න පුළුවන් මෙය නව ගමනක ආරම්භයක් බව පමණයි. සහනයක් ලබාදීම අවසාන විසඳුම නොවෙයි. නව ගමන නම් අප පවතින වාතාවරණයට හැඩ ගැසෙමින් ඉදිරියට යාමයි. අපිට නැවතත් පෙර තත්ත්වයට යා නොහැකියි. අපේ වැඩසටහන් සියල්ල ක්‍රියාත්මක වන්නේ ඒ අරමුණින්.”

No comments

Ads Place