Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජනප්‍රිය ඇගලුම් ව්‍යාපාරිකයාගේ මරණයේ රහස හෙළි වෙයි..

  අභිරහස් ලෙස මියගොස් සිටියදී පොලීසිය විසින් සොයා ගත් පැලවත්ත කෝටිපති ව්‍යාපාරිකයාගේ මරණය සම්බන්ධයෙන් මේවනවිටත් තොරතුරු රැසක් අනාවරණ වෙමින් ...

 


අභිරහස් ලෙස මියගොස් සිටියදී පොලීසිය විසින් සොයා ගත් පැලවත්ත කෝටිපති ව්‍යාපාරිකයාගේ මරණය සම්බන්ධයෙන් මේවනවිටත් තොරතුරු රැසක් අනාවරණ වෙමින් තිබෙනවා.

පරීක්ෂණ කණ්ඩායම් විසින් ඔහුගේ බව කියන මෝටර් රථයක් මීගමුවේ නිවසක ගරාජයක සඟවා තිබී සොයා ගෙන ඇති නමුත්, එය රැගෙන ආ බව කියන යුවළ මේ වන විට විදේශ ගතව ඇති බවයි අනාවරණ වී ඇත්තේ. මෙම මරණය ඉකුත් 30 රාත්‍රියේ දී සිදු වන්නට ඇති බවත්, සැක කරන යුවළ 31 වෙනි දින විදේශගතව ඇති බවටත් පොලීසිය පවසනවා.

අදාළ ව්‍යාපාරිකයාගේ මුදල් පසුම්බියේ තිබූ ක්‍රෙඩිට් කාඩ්පත් 4ක් අතුරුදන්ව ඇති බවටයි මේවනවිට තොරතුරු වාර්තා වී ඇත්තේ. ඒවා භාවිත කර ගුවන් ටිකට් පත් 5ක් වෙන්කරගෙන ඇති බවද සඳහන්. ඒ, ඉන්දුනීසියාව බලා යාම සඳහායි. ව්‍යාපාරිකයාගේ ක්‍රෙඩිට් කාඩ්පතක් භාවිත කර කටුනායක ගුවන්තොටුපොළේ සාප්පු සංකීර්ණයකින් රුපියල් ලක්ෂ 5ක පමණ භාණ්ඩ මිලදීගෙන ඇති බවටද අනාවරණය වී තිබෙනවා. 

බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ තෙමහල් නිවසක පිහිනුම් තටාකයක පාවෙමින් තිබියදී ඊයේ මෙම පුද්ගලයාගේ මළ සිරුර සොයා ගැනුණා. ඔහු කොළඹ ජනප්‍රිය නිමි ඇඳුම් සාප්පු ජාලයක හිමිකරුවෙකු බවයි පොලීසිය පැවසුවේ. මෙලෙස මියගොස් ඇති ව්‍යාපාරිකයා 50 හැවිරිදි අවිවාහකයෙක්. 

මළ සිරුර හමුවූ පිහිනුම් තටාකය ආසන්නයේ රුධිර පැල්ලම් කිහිපයක් ද සොයාගෙන ඇති අතර මෙය ඝාතනයක් වියහැකි බවට පොලීසිය සැකපළ කරන්නේ ඒ අනුවයි. මෙම ව්‍යාපාරිකයාගේ හිසට පහරදී ඝාතනය කර පසුව සිරුර පිහිනුම් තටාකයට දමා ඇති බවට පොලීසිය සැක පළ කරනවා. 

ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු මේ වන විට කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදී තිබෙනවා.

No comments

Ads Place