Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ප්‍රභාකරන් ජීවතුන් අතර සිටින බව ඉන්දීය දේශපාලකයින් පවසන කතාව විහිළුවක් – ආරක්ෂක අමාත්‍යාංශය

LTTE නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ජීවතුන් අතර සිටින බවට ලෝක දෙමළ සංවිධානයේ සභාපති පී. නෙදුමාරන් තමිල්නාඩුවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකා...



LTTE නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ජීවතුන් අතර සිටින බවට ලෝක දෙමළ සංවිධානයේ සභාපති පී. නෙදුමාරන් තමිල්නාඩුවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශයක් සිදුකර තිබේ.

පී. නෙදුමාරන් ප්‍රකාශ කර ඇත්තේ නුදුරේදීම දෙමළ ජාතියේ විමුක්තිය උදෙසා ප්‍රභාකරන් ඉක්මනින්ම ජනතාව අතරට පැමිණෙනු ඇති බවය.

කෙසේ වෙතත් මෙම ප්‍රකාශවලට පිළිතුරු සපයමින් මෙරට ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ LTTE නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ජීවතුන් අතර සිටින බවට ඉන්දීය දේශපාලඥයෙකු සිදුකරන ප්‍රකාශය සත්‍යයෙන් තොර බවයි.

ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ කර්නල් නලින් හේරත් මහතා සඳහන් කර ඇත්තේ අදාළ ප්‍රකාශ විහිළු සහගත බවය.

ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ හිටපු LTTE නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් මියගිය බවට DNA පරීක්ෂණයකින් ද තහවුරු වී ඇති බවය.

හිටපු LTTE සාමාජිකයින් වන විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් සහ දයා මාස්ටර් ද ප්‍රභාකරන්ගේ සිරුර නිරීක්ෂණය කිරීමෙන් පසු ඔහු මිය ගිය බවට තහවුරු කළ බව ද කර්නල් නලින් හේරත් මහතා සඳහන් කරයි.

No comments

Ads Place