Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පෙම්වතියට පින්තූර යවා සිසුවා දිවිනහගෙන

  ඇඳ ඇතිරිල්ලක් ගෙල වටා දමාගෙන සිටින අයුරු දැක්වෙන සිය ඡායාරූපයක් පෙම්වතියට යැවූ පුද්ගලික විශ්වවිද්‍යාල සිසුවකු විදුලි පංකාවක ගෙළ වැළලාගෙන ම...

 



ඇඳ ඇතිරිල්ලක් ගෙල වටා දමාගෙන සිටින අයුරු දැක්වෙන සිය ඡායාරූපයක් පෙම්වතියට යැවූ පුද්ගලික විශ්වවිද්‍යාල සිසුවකු විදුලි පංකාවක ගෙළ වැළලාගෙන මියගොස් ඇතැයි මහරගම පොලිසිය සඳහන් කරයි.

මියගොස් ඇත්තේ කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි දේශාන් හස්තසිංහ නමැති 22 හැවිරිදි සිසුවෙකි.

බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලබමින් සිටි මෙම සිසුවා තරුණියක සමග පෙම් සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර තරුණිය කිසියම් හේතුවක් මත සබඳතාව නතර කර ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

විශ්වවිද්‍යාලයට යාමට පහසුවක් ලෙස මෙම සිසුවා පන්නිපිටිය ප්‍රගති මාවතේ පදිංචි ඔහුගේ මිතුරකුගේ නිවසේ කාමරයක නවාතැන් ගෙන සිටි බව පොලිසිය කියයි.

සිසුවා විදුලි පංකාවේ ගෙල වැළලා ගැනීමට මොහොතකට පෙර ඇඳ ඇතිරිල්ල ගෙල වටා දමාගෙන සිටින අයුරු දැක්වෙන ඡායාරූපයක් පෙම්වතියට වට්ස්ඇප් ඔස්සේ යොමුකර තමන් මිය යන බවට කෙටි පණිවුඩ කිහිපයක් ද යවා ඇතැයි පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

එම තරුණිය සිසුවාගේ මවුපියන්ට ඒ බව දැනුම් දී ඇති අතර, සිසුවාගේ පියා ඇතුළු ඥාතීන් පැමිණ ඔහු නවාතැන් ගෙන සිටි නිවසේ දොර කඩා බැලීමේදී සිසුවාගේ සිරුර විදුලි පංකාවේ එල්ලෙමින් තිබෙනු දැක ඔහු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇත. නමුත්, ඒ වනවිටත් ඔහු මිය ගොස් සිට ඇතැයි පොලිසිය කියයි.

No comments

Ads Place