Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තනතුරෙන් ඉල්ලා අස් නොවී අනුරාධපුරේ විදුහල්පති පොහොට්ටුවෙන් නාමයෝජනා දීලා! වැඩ තහනම්!

එළඹෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් අනුරාධපුර මහ නගර සභාව සඳහා තරග වැදීමට නාම යෝජනා භාරදුන් අනුරාධපුර...



එළඹෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් අනුරාධපුර මහ නගර සභාව සඳහා තරග වැදීමට නාම යෝජනා භාරදුන් අනුරාධපුර නගරයේ ප්‍රධාන පාසලක විදුහල්පතිවරයෙකුගේ සේවය තහනම් කර තිබෙනවා. ඒ, උතුරු මැද පලාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින්.

සිය තනතුරෙන් ඉල්ලා අස්වීමෙන් තොරව පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා භාරදීම හේතුවෙන් අදාළ විදුහල්පතිවරයාගේ සේවය තහනම් කර ඇති බවයි පැවසුවේ. 

මැතිවරණ නීතිය යටතේ මැතිවරණය සදහා රජයේ සේවයේ නියුතු මාණ්ඩලික ශ්‍රේණියේ නිළධාරියකු ජන්ද අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන්නේ නම් නාම යෝජනා ඉදිරිපත් කිරීමට ප්‍රථම ඔහු සේවයෙන් ඉවත් විය යුතු වනවා. එහෙත් මෙම විදුහල්පතිවරයා සිය තනතුරෙන් ඉවත් නොවි නාමයෝජනා භාර දී ඇති බවට ඉකුත් 08 වනදා අනුරාධපුර දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය වෙත පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

අදාළ පැමිණිල්ල විභාග කිරිමෙන් අනතුරුව   උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි අදාළ විදුහල්පතිවරයාගේ සේවය අත්හිටුවීමට පියවර ගෙන ඇති බවයි සඳහන් කළේ.

No comments

Ads Place