Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පළාත් පාලන ඡන්දයට ඉදිරිපත් වී අමාරුවේ වැටුනු රාජ්‍ය සේවකයන් ගැන මහාචාර්ය චන්න ජයසුමන ප්‍රශ්න කරයි

  පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට ඉදිරිපත්වී සිටින රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවකයින් සම්බන්ධයෙන් අද (24) පාර්ලිමේන්තුවේ දී අවධානය යොමු වී තිබේ. එහ...

 


පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට ඉදිරිපත්වී සිටින රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවකයින් සම්බන්ධයෙන් අද (24) පාර්ලිමේන්තුවේ දී අවධානය යොමු වී තිබේ.

එහිදි අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසා ඇත්තේ මේවර පාළාත් පාලන මැතිවරණයට වැටුප් රහිතව රාජ්‍ය සේවකයින් 3,100ක් පමණ ඉදිරිපත් වී සිටින බවය.

මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් නිවැරදී තීන්දුවක් මෙතෙක් ගෙන නොමැති තත්ත්වයක් තුළ එම පිරිස වෙනුවෙන් ගන්නා තීරණය කුමක්දැයි එහිදී මන්ත්‍රීවරයා අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කර ඇත.

පාර්ලිමේන්තුවේදී මේ පිළිබදව වැඩිදුරටත් අදහස් දක්වා ඇති චන්න ජයසුමන මහතා,

“මේ පළාත් පාලන මැතිවණරයට 3,100ක් විතර රාජ්‍ය සේවකයින් ඉදිරිපත්වෙලා තියෙනවා නිවාඩු අරගෙන ඉදිරිපත්වෙලා තියෙනවා. ඔවුන් ඉන්නේ පඩි රහිතව. ජනාධිපතිතුමා ඊයේ පැවසුවා ඡන්දයක් නෑ කියලා. ඉතින් මම, රාජ්‍ය පරිපාලන ඇමතිවරයා විදියට අගමැතිවරයාගෙන් අහනවා මේ 3,100ක් වන රාජ්‍ය සේවකයෝ පඩි රහිතව ඉන්නවා. ඔවුන් පිළිබඳ ගන්න තීරණය මොකක්ද කියලා. “

No comments

Ads Place