Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දෙමළ දේශපාලකයන් නැගෙනහිර පළාතේ ජාතිවාදී ගැටුමක් නිර්මාණය කිරීමේ උත්සාහයක

  නැගෙනහිර පළාතේ කල්ලාරු දෙහිවත්ත ප්‍රදේශයේ සිංහල හා දෙමළ ජනයා අතර ජාතිවාදී ගැටුමක් නිර්මාණය කිරීමට දෙමළ දේශපාලකයන් උත්සාහ දරමින් සිටින බවටත...

 



නැගෙනහිර පළාතේ කල්ලාරු දෙහිවත්ත ප්‍රදේශයේ සිංහල හා දෙමළ ජනයා අතර ජාතිවාදී ගැටුමක් නිර්මාණය කිරීමට දෙමළ දේශපාලකයන් උත්සාහ දරමින් සිටින බවටත්, හැකි ඉක්මනින් මෙය නවතා ලීමට නොහැකි වුවහොත් එය ජාතිවාදී ගැටුමකින් කෙලවර විය හැකි බවටත් තොරතුරු වාර්තා වේ.

මේ මොහොතේ නැගෙනහිර පළාතේ වර්ගවාදී ගැටුමකට කිසිසේත් ඉඩ දිය නොහැකි බවද, දෙමළ දේශපාලකයන් තමන්ට නැති බලයක් හදාගැනීම සදහා දෙමළ ජනයා පොළඹවමින් සිටින බවද මේ පිළිබදව තොරතුරු පවසන බලල්ලේ රතනසාර හිමියෝ පවසති.

රතනසාර හිමියෝ අවධාරණය කරන්නේ 30 අවරුදු යුද්ධයකට සිරවී සිටි මෙම ප්‍රදේශයේ සිංහල ජනයා කිසිසේත්ම මෙම උත්සාහය ඉවසා සිටීම නොකරන බවයි.

සිංහල ගම්මාන දෙකක් හා එක් දෙමළ ගම්මානයක් පිහිටා ඇති මෙම ප්‍රදේශය මායිම්වන්නේ වන රක්ෂිතයකට බවද උන්වහන්සේ පවසති.

ඇතිවෙමින් පවතින මෙම තත්ත්වය ජාතිවාදී ගැටුමකින් කෙලවර වීම නැවැත්වීමට නම් හැකි ඉක්මනින්ම අදාළ බලධාරීන් ක්‍රියාත්මක වියයුතු බවත් උන්වහන්සේ පෙන්වා දෙති.

No comments

Ads Place