Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වසන්ත මුදලිගේ නිදහස් කිරීමට එරෙහිව පොලීසියෙන් අභියාචනයක්

  අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගොනුකර තිබූ චෝදනාවලින් ඔහුව නිදහස...

 



අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගොනුකර තිබූ චෝදනාවලින් ඔහුව නිදහස් කිරීමට එරෙහිව අභියාචනයක් ගොනුකිරීමට පොලීසිය තීරණය කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ලබාදුන් එම නියෝගය සම්බන්ධයෙන් පවතින නෛතික විධිවිධාන ප්‍රකාරව අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා පොලිස් මුලස්ථානය ඊයේ (02) නීතිපතිවරයා වෙත ඉල්ලීමක් කළ බවයි.

මේ අතර අත්අඩංගුවට ගැනීමෙන් පසු අවස්ථා කිහිපයකදී සැලසුම් සහගතව තමාව ඝාතනය කිරීමට උසස් පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු උත්සාහ කළ බව අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පවසයි.

ඊයේ (02) පස්වරුවේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව පැවසීය.

No comments

Ads Place