Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බැනුම් අහන පොලීසියට මල් වැහි වස්සන්න කෑගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සැරසේ..

  ගුණාත්මක පොලිස් සේවාවක් සැපයීමේ අරමුණින් කෑගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් රාජපක්ෂ මහතා වැඩපිළිවෙලක් ආරම්භ කර ඇත..  එහි පළමු පියව...

 


ගුණාත්මක පොලිස් සේවාවක් සැපයීමේ අරමුණින් කෑගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් රාජපක්ෂ මහතා වැඩපිළිවෙලක් ආරම්භ කර ඇත.. 

එහි පළමු පියවර වශයෙන් අද දින  කෑගල්ල මුලස්ථාන පොලිසියේ ශ්‍රවණාගාරයේදී කෑගල්ල දිසාවේ කෑගල්ල කොට්ඨාසයේ සහ සීතාවකපුර කොට්ඨාසයේ වරෙන්තු, සිතාසි, නඩු මෙහෙයුම් නිලධාරින් සහ උසාවි භාර නිලධාරින් (CO) සදහා සිතාසි, වරෙන්තු ක්‍රියාත්මක කිරිම, පැහැදිලිව සටහන් යෙදීම , පැහැදිලිව ලේඛනගත කිරිම, අධිකරණ පද්ධතිය තුළ කාර්යය භාරය සහ මහේස්ත්‍රාත්වරුන් සමග මනා සම්බන්ධතාවයකින් යුතුව රාජකාරි කටයුතු සිදු කිරිම සහ මහජනතාව විසින් සිදු කරන පැමිණිලිවලදි පැමිණිලිකරුට සාධාරණයක් සිදු විය යුතු අතර විත්තියටද අසාධාරණයක් සිදු නොවීමට වග බලා ගත යුතු බවට නිලධාරින් දැනුවත් කරන ලදී. තවද පොලිසිය විසින් පවරන ලද නඩු අධිකරණයේ නිදහස්වීම සම්බන්ධයෙන් නිසි වාර්තාද උසස් නිලධාරින් වෙත කඩිනමින් යොමු කිරිම සම්බන්ධව ද අපරාධ නඩු විධාන සංග්‍රහ  පනත, සාක්ෂි ආඥා පනත, දණ්ඩ නීති සංග්‍රහ පනත උපයෝගී කර ගනිමින් නීතිමය වගන්ති ඇසුරෙන් නිලධාරින් දැනුවත් කිරිමේ වැඩමුළුවක් පවත්වන ලදී.

මේ සදහා කෑගල්ල සහ සීතාවකපුර කොට්ඨාසයන්හි නිලධාරින් 102 ක් පමණ සහභාගී විය.

No comments

Ads Place