Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

එකට බීලා වෙරි මර ගාතේ මිතුරාගේ රහසඟ කපලා

  එකට එක්ව එකම බෝතලයෙන් මත්වතුර බී වෙරිමාරගාතයෙන් යාළුවාගේ ලිංගික අවයවය තියුණූ ආයුධයකින් කැපූ පුද්ගලයකු මීගහකිවුල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන්...

 


එකට එක්ව එකම බෝතලයෙන් මත්වතුර බී වෙරිමාරගාතයෙන් යාළුවාගේ ලිංගික අවයවය තියුණූ ආයුධයකින් කැපූ පුද්ගලයකු මීගහකිවුල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල පළාත් මහ රෝහල වෙත යවා ඇතැයි පොලිසිය පවසයි.  මෙලෙස රෝහල් ගතකර ඇත්තේ වියළුව තල්දෙන ප්‍රදේශයේ වයස අවුරුදු 55 ක පුද්ගලයෙකි. 

අධීක ලෙස මත්පැන් පානය කිරීම හේතුවෙන් සිහි විකල්ව සිටියදී ඔහු සමග එකට මත් පැන් පානය කළ තවත් මිතුරකු  විහිළුවකට මෙන් මෙලෙස අත තිබූ පිහියකින් ලිංගික අවයවය කපා දමා ඇතැයි දැන ගන්නට ඇත.  ලිංගික අවයවය කැපීම නිසා බරපතළ තුවාල සහිතව වැටී සිටි මෙම පුද්ගලයා ඔහුගේ තවත් මිතුරන් පිරිසක් එක්ව පසුව රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇත.

No comments

Ads Place