Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තෙල් සංස්ථාවේ ගිණුම අත්හිටුවයි.. යළිත් ඉන්ධන හිගයක්.!

  ඉන්ධන පිරවුම්හල්වල බෙදුම්කරුවන් ඉන්ධන තොග මිලදී ගැනීමට මහජන බැංකුවේ තැන්පත් කරන මුදල් (14) දින මධ්‍යම රාත්‍රීයේ සිට ගිණුම්ගත කිරීම අත්හිටු...

 



ඉන්ධන පිරවුම්හල්වල බෙදුම්කරුවන් ඉන්ධන තොග මිලදී ගැනීමට මහජන බැංකුවේ තැන්පත් කරන මුදල් (14) දින මධ්‍යම රාත්‍රීයේ සිට ගිණුම්ගත කිරීම අත්හිටුවා ඇත.

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ පිරවුම්හල්වල ඉන්ධන තොග මිලදී ගැනීමට මුදල් තැන්පත් කිරීමට ගිණුම අත්හිටුවීමෙන් යළිත් ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය සදහන් කරයි.

මේ වනවිට ඉන්ධන ලබාගැනීමට මුදල් ගෙවා තිබුණද පිරවුම්හල් වල බෙදුම්කරුවන්ට ඉන්ධන ලබාගැනීමට නොහැකි වී ඇති බවද බෙදුම්කරුවන්ගේ සංගමය සදහන් කරයි.

බෙදුම්කරුවන් සදහන් කළේ, මහජන බැංකුවේ ගිණුම්වලට මුදල් තැන්පත් කළොත් ඉන්ධන නිකුත් නොකරන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සබරගමුව ප්‍රාදේශීය කළමණාකාරවරයා බෙදුම්කරුවන්ට දැනුම්දී ඇති බවයි.

මෙම වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් මහජන බැංකුවේ සභාපතිවරයා සහ ඛනිජ තෙල් සංස්ථාවේ පාලන අධිකාරිය දැනුවත් කර විසඳුමක් ලබාගැනීමට කටයුතු කරමින් සිටින බවද බෙදුම්කරුවන්ගේ සංගමය සදහන් කරයි.

No comments

Ads Place