Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කල් ඉකුත් වූ කිරිපිටිවලිනුත් ගසා කෑ මිල්කෝ ලොක්කෙක් ගැන පරීක්ෂණයක්

  මිල්කෝ සමාගමේ කල් ඉකුත් වූ කිරිපිටි සත්ව ආහාර සඳහා විකිණීමේ ටෙන්ඩරයකින් රුපියල් මිලියන 100ක් ගසා කෑ බව කියන මිල්කෝ ප්‍රධානියකු ගැන අමාත්‍ය...

 



මිල්කෝ සමාගමේ කල් ඉකුත් වූ කිරිපිටි සත්ව ආහාර සඳහා විකිණීමේ ටෙන්ඩරයකින් රුපියල් මිලියන 100ක් ගසා කෑ බව කියන මිල්කෝ ප්‍රධානියකු ගැන අමාත්‍යාංශය මට්ටමින් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

මිල්කෝ සමාගමේ පරණ කිරිපිටි මෙට්‍රික් ටොන් 650ක් විකිණීම සඳහා මෙම ටෙන්ඩරය කැඳවා තිබූ බවත්, අදාළ ටෙන්ඩරය ලබාදීම සඳහා රුපියල් මිලියන සීයක් අල්ලස් ලබා ගැනීම මගින් මෙම ගසාකෑම සිදුකර ඇති බවත් තොරතුරු වාර්තා වේ.

කලින් වතාවක ද කල් ඉකුත් වූ කිරි පිටි විකිණීම සඳහා ටෙන්ඩරයක් කැඳවූ අවස්ථාවේදී ද මෙලෙස අක්‍රමිකතාවයක් සිදුවී ඇති අතර එලෙස අක්‍රමිකතා වලට සම්බන්ධ වූ තැනැත්තාට මේ වතාවේ ටෙන්ඩරය නොදිය යුතු බවට කෘෂිකර්ම අමාත්‍යවරයා පත්කළ කමිටුව දුන් නිර්දේශයක්ද නොතකමින් මේ වතාවෙිදී ද දූෂිත අයුරින් කිරිපිටි ටෙන්ඩරය ලබා දී ඇතැයි ඇමැතිවරයාට වාර්තා වී ඇති බව සදහන් ය.

කිරි පිටි ඉල්ලූමට සැපයුමක් දී ගන්නට නොහැකි අවස්ථාවක මෙලෙස කිරිපිටි කල් ඉකුත් වන්නේ කෙසේදැයි වෙනම පරීක්ෂණ පවත්වන ලෙස ද කෘෂිකර්ම ඇමැතිවරයා අදාළ කමිටුවට දැනුම් දී තිබේ.

කෘෂිකර්ම අමාත්‍යංශයේ ඉහළ නිලධාරියෙකු ද මෙම වංචාවට සම්බන්ධ වී ඇතැයි අමාත්‍යාංශයට තොරතුරු ලැබී ඇතැයි පැවැසේ.

No comments

Ads Place