Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මුරකරු යුවළ ගැට ගසා ඌරෝ 55ක් උස්සලා

  බලන්ගොඩ රජවක ගොඩකුඹුර ප්‍රදේශයේ පවත්වාගෙන යන ඌරු ගොවිපළක මුරකරුවෝ ලෙස සේවය කළ අඹුසැමි යුවළක් ගැටගසා තබා එම ගොවිපළේ සිටි ඌරන් 55 දෙනෙකු ඉකු...

 




බලන්ගොඩ රජවක ගොඩකුඹුර ප්‍රදේශයේ පවත්වාගෙන යන ඌරු ගොවිපළක මුරකරුවෝ ලෙස සේවය කළ අඹුසැමි යුවළක් ගැටගසා තබා එම ගොවිපළේ සිටි ඌරන් 55 දෙනෙකු ඉකුත් (17) දා රාත්‍රියේ සොරකම් කරගෙන ගොස් ඇති බවට පැමිණිල්ලක් ලැබි ඇතැයි බලන්ගොඩ පොලිසිය පවසයි.

එම ඌරු ගොවිපළේ හිමිකරු විසින් එම පැමිණිල්ල සිදු කර ඇතැයි පොලිසිය පැවැසීය. අඹුසැමි යුවළක් එහි මුරකරුවන් ලෙස යොදවා ඇති අතර එම කාන්තාව ගොවිපළේ ඇති කාමරයකට දමා දොර වසා සිරකර පුරුෂයා කණුවකට තබා ගැට ගසා මෙම සොරකම සිදු කර තිබෙන බව පොලිසිය පවසයි.

ලොරි රථ දෙකකින් එම ඌරන් රැගෙන යන අයුරු සි.සි.ටි.වි. දර්ශන පරික්ෂා කිරීමෙන් තහවුරු වි ඇති බවද පොලිසිය කියයි. 

බලන්ගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ධමිත් ජයකොඩි මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පුෂ්පකුමාර,උප පොලිස් පරීක්ෂක නයනකාන්ත ,උප පොලිස් පරික්ෂක
ජයසුන්දර,සැරයන් විමලසේන(42921)මේ සම්බදයෙන් පරික්ෂණ සිදු කරයි.

උපුටාගැනීම - සම්පත් ප්‍රියනන්දන
(දිනමිණ )

No comments

Ads Place