Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සිපෙට්කෝ පිරවුම්හල් 450ක් විකුණයි..

  ලොව ප්‍රධාන පෙළේ තෙල් සමාගම් තුනකට මෙරට ඉන්ධන පිරවුම්හල් 450ක් ලබාදීමේ කටයුතු සූදානම් වී තිබේ. මෙරට රජය සතු ඉන්ධනහල් 1197න් 450ක් මෙසේ ලබා...

 



ලොව ප්‍රධාන පෙළේ තෙල් සමාගම් තුනකට මෙරට ඉන්ධන පිරවුම්හල් 450ක් ලබාදීමේ කටයුතු සූදානම් වී තිබේ.

මෙරට රජය සතු ඉන්ධනහල් 1197න් 450ක් මෙසේ ලබාදීම සඳහා මේ වනවිට අවසන් අදියරට පැමිණ ඇති බව බලශක්ති අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

ඉන්ධන ආනයනය කර ගබඩා කර බෙදා හැරීමේ අවසර ලබා දෙමින් ඉන්ධනහල් 150 බැගින් ලබා දීමට නියමිතව තිබේ.

මේ වන විට දැනට මෙහෙයුම සිදුවන එම පිරවුම්හල් 450 වෙන් කිරීමේ කටයුතුද සිදු කරමින් තිබේ.

ඉන්දියාවේ භාරත් පෙට්‍රොලියම්, ෂෙල්, සෙනොපෙක් යන සමාගම් තුන බොහෝදුරට මෙරට ආයෝජනයට පැමිණෙනු ඇතැයි ද එම ප්‍රකාශකයා තවදුරටත් කියා සිටියේය.

No comments

Ads Place