Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වෛද්‍ය-විදුලි-වරාය-තෙල්-විශ්වවිද්‍යාල ආචාර්යවරුන්-බැංකු සේවකයන් ඇතුලු වෘත්තීය සමිති 40ක් අද පාරට! ප්‍රාදේශීය ලේකම්වරුත් එක්වෙයි! රැලිය උදේ 10.30ට හයිඩ් පිටියේදී!

  වෘත්තීය සමිති රැසක් එක්ව අද (08) විරෝධතා දිනයක් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ, අසාධාරණ බදු ප්‍රතිපත්තිය ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පළ කරමිනි. ව...

 


වෘත්තීය සමිති රැසක් එක්ව අද (08) විරෝධතා දිනයක් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ, අසාධාරණ බදු ප්‍රතිපත්තිය ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පළ කරමිනි.

වෛද්‍ය, විදුලි, වරාය, ඛනිජ තෙල්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු වෘත්තිය සමිති 40කට අධික සංඛ්‍යාවක් අද පැවැත්වෙන විරෝධතාවට එක්වනු ඇත.

ප්‍රධාන විරෝධතා රැළිය පැවැත්වෙන්නේ, කොළඹ හයිට් පිටියේදීයි.

වෘත්තිකයින්ගේ විරෝධතා දිනයට සහය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද එක්දින සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.

එහි මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ මහතා පැවසුවේ, රජයේ මෙන්ම පෞද්ගලික රෝහල්වලත් පැය 24 ක මෙම සංඛේත වර්ජනය ක්‍රියාත්මක බවයි.

කෙසේ වෙතත් ළමා, මාතෘ, පිළිකා ඇතුළු රෝහල් කිහිපයක එය ක්‍රියාත්මක නොකරන බව ඔහු ප්‍රකාශ කළේ ය.

රජයේ දන්ත වෛද්‍ය නිලධාරීන් ද අද දිනයේ සංකේත වැඩ වර්ජනයක නිරත වන්නේ, අසාධාරණ බදු ප්‍රතිපත්තිය හකුලා ගන්නා ලෙස බලකරමිනි.

මේ අතර විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයත් අද එක්දින සංඛේත වර්ජනයක නිරතවීමට තීරණය කර තිබේ.

විදුලිය, ජලසම්පාදන, ඛනිජ තෙල් සහ වරාය ඇතුළු වෘත්තීය සමිති රැසක් අද දහවල් කොළඹ කොටුවේදී ඒකාබද්ධ විරෝධතාවක නිරත වන්නේ ඒ අතර වාරයේයි.

වරාය වෘත්තීය සමිති අද පෙරවරුවේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වනු ඇත.


ලංකා විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සමලේකම් ඉසුරු කස්තුරිරත්න මහතා පැවසුවේ, තම සංගමයේ සියලු සාමාජිකයින් අද දිනයේ සේවාවලින් ඉවත් වන බවයි.

ඛනිජ තෙල් සංස්ථා සේවකයින් ද අද පැවැත්වෙන විරෝධතාවයට එක් වන බව ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රංවල මහතා පැවසුවේ ය.

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය පවසන්නේ, තම සාමාජිකයින් අද දිනයේ ලෙඩ නිවාඩු මත සේවායට වාර්තා නොකිරීමට තීරණය කර ඇති බවයි.

අසාධාරණ බදු පනතට විරෝධය පළ කිරීම මෙහි අරමුණ වේ.

ජල සම්පාදන සේවක සංගමය ද අද පැවැත්වෙන විරෝධතාවට එක්වෙන බව එහි සමලේකම් උපාලි රත්නායක මහතා සඳහන් කළේ ය.

මේ අතර ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් සේනානායක මහතා පැවසුවේ, අද දිනයේ බැංකු ගනුදෙනු පෙරවරු 10.30 ට අත්හිටුවීමට තම සාමාජිකයින් තීරණය කර ඇති බවයි.

No comments

Ads Place